[මෙය US hands off Latin America! Halt Trump’s killing spree! මැයෙන් 2025 නොවැම්බර් 13දා පලවූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
කැරීබියානු සාගර තුලට යූඑස්එස් ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ පිවිසීම, වෙනිසියුලාවටත් වඩා පලල් ලෙස ලතින් ඇමරිකාවටත් එරෙහි ව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආසන්න යුද්ධයක තර්ජනය නාටකාකාර ලෙස තීව්‍ර කර ඇත.
සති අන්තය පුරා, කුඩා බෝට්ටු දෙකක් ගිල්වමින් හා තවත් පුද්ගලයින් හයදෙනෙකු ඝාතනය කරමින්, එක්සත් ජනපදය මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කල බව ජයග්‍රාහී ලෙස නිවේදනය කල, “යුද ලේකම්” පීටර් හෙග්සෙත්ගේ නිවේදනය සමගින්, මිලිටරිමය ගැටුමක් ආසන්නයට ගෙන එමින් තිබේ. දකුනු ඇමරිකාවේ වෙරලබඩ කලාපවල නිරායුධ සිවිල් වැසියන්ට එරෙහි ට්‍රම්ප් පාලනයේ සාපරාධී ඝාතන මධුපානෝත්සවයේ මරන සංඛ්‍යාව, මෙම ඝාතනත් සමග අවම වසයෙන් 76 දක්වා සංඛ්‍යාවකට ගෙනැවිත් ඇත. සැප්තැම්බර් 2දා මෙම ප්‍රහාර ආරම්භ කල තැන් සිට, වෙනිසියුලාව අසල දකුනු කැරීබියානු මුහුදු කලාප සහ කොලොම්බියාවේ නැගෙනහිර පැසිෆික් වෙරල අතර සමානව සංඛ්‍යාවකින්, මෙවන් ප්‍රහාර 20ක් එල්ල කෙරී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය “අනීතික ඝාතන” හා යුද අපරාධ ලෙස විස්තර කර ඇති, ම්ලේච්ඡ ප්‍රහාර මාලාවක් දියත් කොට තිබෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, දැන් වඩා පලල් අපරාධ සූදානම් කරමින් සිටී.
එක්සත් ජනපද නාවික හමුදාවේ විශාලතම යුද නෞකාව වන යූඑස්එස් ෆෝඩ් වෙත, අධි තාක්ෂනික මිසයිල් පද්ධතියකින් යුත් නෞකා තුනක හා ඒවායේ ප්‍රහාරක කන්ඩායම සමන්විත වන භටයන් 4,000ට අධික පිරිසකගේ සහයෝගය ලැබේ. වෙනිසියුලාවේ වෙරල කලාපයන් අසල දැනට මත් දිගේලි කෙරී ඇති 10,000ට අධික යාත්‍රිකයන් හා නාවික භටයන් බලකායක් සමග ඒකාබද්ධ වන, න්‍යෂ්ටික සබ්මැරීනයක් ඇතුලු අවම වසයෙන් අටක් වන යුද නැව්වලින් සමන්විත එක්සත් ජනපද යුද නැව් පන්තියක් සමග මෙම කන්ඩායම ඒකාබද්ධ වෙයි.
මෑත දී යලි විවෘත කරන ලද, පුවටෝ රිකෝහි රූස්වෙල්ට් රෝඩ්ස් නාවික මධ්‍යස්ථානයට දිගේලි කෙරෙන එෆ්-35 ප්‍රහාරක ගැටුම් කන්ඩාමක් මෙන් ම, වෙනිසියුලානු වෙරල කලාප අසල තිබෙන ප්‍රකෝපකාරී බී-52 බෝම්බ හෙලන යානා මගින්, මෙම යෝධ මිලිටරි බලකායට වැඩි වර්ධිත සහයෝගය ලැබේ. පුවටෝ රිකෝවේ මෙන් ම, දශක ගනනක් තුල පලමු වතාවට ගැටුම් සඳහා ක්‍රියාත්මක වීමට සූදානම් වෙමින් පැනමාව තුල ද එක්සත් ජනපද සොල්දාදුවන් හා නාවික භටයෝ අභ්‍යාස සිදු කරමින් සිටිති.
දකුනු ඇමරිකාවේ උතුරු තුඩුව අසල රඳවා සිටින එක්සත් ජනපද නාවික බලකාය, එක්සත් ජනපද මිලිටරි විශ්ලේෂකයින් විසින් විස්තර කෙරී ඇති ආකාරයට, 1991 ඉරාකයට එරෙහි පලමු එක්සත් ජනපද ගල්ෆ් යුද්ධයේ පටන් දිගේලි කෙරී ඇති විශාලතම බලකාය යි. 1989 දී, එක්සත් ජනපදය පැනමාව ආක්‍රමනය කල තැන් පටන්, කලාපය තුල දිගේලි කරනු ලබන විශාලතම බලකාය වන්නේ එයයි.
පෙර නුවූ විරූ ආකාරයෙන්, බලකායන් මෙසේ රඳවනු ලැබීමේ අරමුන වන්නේ, නෞකා මගින් කොකේන් ප්‍රවාහනය කිරීමට වැට බැඳීමට බවට වන කියාපෑම, මුලුමනින් ම මුග්ධ ය. දැන් සූදානම් කෙරෙමින් පවතින්නේ, නොගිනිය හැකි විපාක සහිත පූර්න-පරිමාන අධිරාජ්‍යවාදී යුද්ධයකි.
එක්සත් ජනපද මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනය සමග සමීප සබඳතා තිබෙන, වොෂින්ටනයේ පදනම් වන චින්තන පර්ෂදයක් වන මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (සීඑස්අයිඑස්) සටහන් කලේ, එක්සත් ජනපද නෞකා ප්‍රහාරක කන්ඩායම “මත්ද්‍රව්‍ය-විරෝධී මෙහෙයුම් සඳහා දුර්වල ලෙස ව්‍යුහගත කෙරී ඇත්තේ” වුවත්, “වෙනිසියුලාවට එරෙහි ප්‍රහාරයන් සඳහා හොඳින් ම සූදානම් කෙරී ඇති“ බව යි. “ඊතලයක් ඇදගත් දුනුවායෙකු” සමග එය එක්සත් ජනපද භටයන් දිගේලි කිරීම සන්සන්දනය කලේ ය. “ආස්ථානය අවිනිශ්චිත ය: එක්කෝ පහර දෙනු නැතහොත් සෝදිසියෙන් සිටිනු.”
මුසාවාද මත පදනම් ව, ඇමරිකානු මහජනයා තවත් ආක්‍රමනාකරී යුද්ධයකට ඇද ගෙන යාමට ට්‍රම්ප් පාලනාධිකාරිය සූදානම් වෙමින් සිටින බව, එහි කැරීබියානු ඝාතන මධුපානෝත්සවයේ ආරම්භයේ පටන් ම පැහැදිලි වී ඇත. වෙනිසියුලානු හා කොලොම්බියානු ධීවරයන් “සතුරු සටන්කරුවන්” හා “මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගැසීම, කිසිදු ආකාරයකින් ඔවුන් ව සංහාරයට ලක් කිරීම නීත්‍යානුකූල කරන්නේ නැත. මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් වෙනිසියුලාව වැදගත් මූලාශ්‍රයක් වේ ය යන කඩතුරාව බොරුවක් බව, එක්සත් ජනපද රහස් තොරතුරු හා ජාත්‍යන්තර ඒජන්සි යන දෙකේ ම සෑම විශ්වාසවන්ත වාර්තාවක්ම මගින් සනාථ කෙරී ඇත.
ආඥාදායකයා වීමේ විභවයක් තිබෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හා ඔහු නියෝජනය කරන මූල්‍ය කතිපයාධිකාරයේ සැබෑ ඉලක්ක මොනවා ද?
- නිකොලස් මදුරෝගේ ආන්ඩුව පෙරලා දමා, ඒ වෙනුවට එක්සත් ජනපදයේ රූකඩ ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම;
- වොෂින්ටනයේ ප්‍රධාන මූලෝපායික ප්‍රතිමල්ලවයා වන චීනයට ප්‍රවේශය අහිමි කරමින්, ග්‍රහලෝකය මත විශාලතම වෙනිසියුලානු තෙල් සංචිත මත එක්සත් ජනපදයේ නිර්බාධිත සංගත පාලනය සුරක්ෂිත කරගෙන ගෝලීය යුද්ධයට සූදානම් වීම;
- පූර්න පරිමාන මංකොල්ලය හරහා ආර්ථික අර්බුදය සහ මූල්‍ය කඩා වැටීම කල් දමා ගැනීම; සහ,
- හුදෙක් වෙනිසියුලාව මත පමනක් නො ව, සමස්ත බටහිර අර්ධ-ගෝලය මත ම එක්සත් ජනපදයේ නව-විජිතවාදී යටත් කර ගැනීමේ විලංගු පැනවීම.
තම පැරනි අධිරාජ්‍යයෙන් ඉතුරු පහදු වී ඇති දූපත් කිහිපයක් තවමත් ලන්ඩනය විසින් පාලනය කරන කැරීබියානු දූපත්වල මත්ද්‍රව්‍ය වෙලඳාම පිලිබඳ රහස් තොරතුරු, එක්සත් ජනපදය සමග බෙදා ගැනීම අත්හිටුවීමට බ්‍රිතාන්‍ය ආන්ඩුව නියෝග කර ඇති බවට, අඟහරුවාදා පැමිනි වාර්තාවක්, එක්සත් ජනපදයේ මෙහෙයුම් තීව්‍ර කිරීම සමග බැඳී තිබිනි.
මෙයට හේතුව ලෙස හුවා දක්වන්නේ, එක්සත් ජනපද මිසයිලවලින් මුහුදේ දී කීතු කරන නිරායුධ සිවිල් වැසියන්ට එරෙහි යුද අපරාධ සමග පැටලීමට එක්සත් රාජධානියට අවශ්‍ය නැත ය යන කාරනාව යි. එහෙත්, කොරියාවේ සිට බෝල්කන් කලාපය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා ලිබියාව දක්වා, එක්සත් ජනපදයේ පැරනි ජනසංහාරක සාපරාධී යුද්ධවල දී, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය එක්සත් ජනපදය සමග කරට කර ගැලතී සටන් කර ඇත. මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය මනස්තාපයන් ප්‍රකාශ කරන්නේ නම්, ඒ, අලුතින් සොයාගත් සදාචාරාත්මක චකිතයක් නිසා නො ව, නිසැක ව ම අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් නිසා ය. එක් අතකින්, වෙනිසියුලාව කැබලි කර ගැනීමේ දී තමන් අත්හැර දැමෙනු ඇතැයි බියට පත් ව සිටින බ්‍රිතාන්‍ය පාලක පන්තිය, අනෙක් අතට, යුක්‍රේන යුද්ධයෙන් පටන් ගෙන, අනවරත ව-වෙනස් වෙමින් පවතින ඇමරිකානු තීරු බදු දක්වා සියල්ලේ දී ම තමන්ට වොෂින්ටනයෙන් වඩ වඩා පාඩු සිදුවන නිසා ය.
මත්ද්‍රව්‍ය-විරෝධී මෙහෙයුම් සම්බන්ධයෙන් ගත් විට, වඩාත්ම තීරනාත්මක කාරනාවක් වූයේ, කොලොම්බියානු ආන්ඩුව වොෂින්ටනය සමග සියලු රහස් තොරතුරු බෙදා ගැනීම නවත්වන බවට අඟහරුවාදා නිවේදනය කිරීම යි. එක්සත් ජනපද නිලධාරීන්ට අනුව, ෆ්ලොරිඩාවේ පිහිටි ඒකාබද්ධ අන්තර්-ආයතන දක්ෂින කාර්ය සාධක බලකාය (ජේඅයිඒටීඑෆ්) විසින් නීති-විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීම තහනම් කිරීමට අදාල නඩු පැවරිය හැකි සියලු බුද්ධි තොරතුරුවලින්, සියයට 85ක් සම්පාදනය කර ඇත්තේ කොලොම්බියාවෙනි.
කෘතිම බුද්ධිය (ඒඅයි) යොදා ගෙන ජනනය කරන ලද, වෙනිසියුලානු ජනාධිපති මදුරෝ සහ කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ තැඹිලි පැහැති බන්ධනාගාර ජම්පරයන් පැලඳ සිටීම පෙන්නුම් කරන ඡායාරූපයකට ඉහලින්, එක්සත් ජනපදයේ ඉහල නිලධාරියෙක් “කොලොම්බියාව හා බටහිර අර්ධ-ගෝලය සඳහා ට්‍රම්ප් ධර්මතාව” යන මාතෘකාව සහිත ලේඛනයක් දරාගෙන, ධවල මන්දිරයේ සිටින ඡායාරූපයක් අහඹු ලෙස නිකුත් වීමෙන් පසු ව, කොලොම්බියාව මෙම සබඳතා බිඳ දැමුවේ ය. කොලොම්බියානු මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන්ට “විදේශීය ත්‍රස්තවාදී සංවිධානය” යන නාමය පටබඳින ලෙසත්, කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ-විරෝධී බලවේගයන්ට සහයෝගය දෙන ලෙසත්, මදුරෝ මෙන් පෙට්‍රෝගේ හිස සඳහා ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් ප්‍රදානය කරමින් ගොතනු ලබන අපරාධ චෝදනා, පෙට්‍රෝට එරෙහි ව ගෙන එන ලෙසත්, ලේඛනය ඉල්ලා සිටියි.
වෙනිසියුලානුවන් හා අනෙකුත් ලතින් ඇමරිකානුවන්, කුඩා බෝට්ටුවල දී එක්සත් ජනපද මිලිටරිය විසින් ඝාතනය කිරීම “මිනීමැරීමක්” ලෙස විස්තර කර ඇති පෙට්‍රෝ, මෙම ලේඛනය පිලිබඳ ව හේතු දක්වන ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේ ය. ඒ වෙනුවට, වොෂින්ටනය ප්‍රතිචාර දැක්වූයේ තව තවත් බොරු චෝදනා සමගිනි. “මෙවන් පහත් සදාචාරාත්මක චරිතයක් සහිත පුද්ගලයෙක් තමන් නියෝජනය කිරීම කොලොම්බියානු ජනතාවට අතිශය ඛේදවාචකයකි,” යි නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝෆර් ලැන්ඩෝ ප්‍රකාශ කලේ, “සිය මහා ප්‍රඥාව සහිත කොලොම්බියානු ජනතාව, කාලකන්නිකමට හා වෛරයට යොමු වන මෙම මාවත ප්‍රතික්ෂේප කරමින්, වෙනත් මාවතක් තෝරාගනු ඇත” යි පුරෝකථනය කරමිනි.
“ඩොන්රෝ මතවාදය”
“ට්‍රම්ප් ධර්මතාව” නොහොත්, ධවල මන්දිරය තුල නරුම ලෙස සඳහන් කෙරෙන, “ඩොන්රෝ මතවාදය” යනු කුමක් ද? අතිශයින් බලගතු ඩොන්රෝ මතවාදය 1823දී ප්‍රකාශයට පත් කරන ලද්දේ, ලතින් ඇමරිකාවේ අලුතින් නිදහස ලැබූ සමූහාන්ඩු, යුරෝපීය ප්‍රතිගාමී රාජාන්ඩු විසින් යලි විජිතකරනය කිරීමේ කිසිදු ප්‍රයත්නයකට එරෙහි ව අනතුරු ඇඟවීමක් ලෙසනි. එහෙත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නැගීමත් සමග, 1898 ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය හරහා එක්සත් ජනපදය ස්පාඤ්ඤ යටත් විජිතයන්ට හිමිකම් කීම හා එක්සත් ජනපද ආධිපත්‍යය අවධාරනය කරනු වස්, විශේෂයෙන් ම කියුබාව ඇතුලු මෙම යටත් විජිතවල මහජනතාවන්ගේ විප්ලවවාදී අභිලාෂයන් මර්දනය කිරීම හේතුවෙන්, මෙම මතවාදය ප්‍රගාඪ වෙනස්කම්වලට බඳුන් විය.
1904 දී, ජනාධිපති ටෙඩී රූස්වෙල්ට් මෙම ධර්මතාවට අනුපූරකයක් ලෙස, ඊනියා “ලොකු කෝටුව” නම් ධර්මතාව නිරාවරනය කලේ, අර්ධ-ගෝලය තුල “වැරැද්දක් හෝ බෙලහීනතාවක්” ලෙස එක්සත් ජනපදය විසින් හඳුනා ගැනෙන අවස්ථාවක දී, “පොලිස් බලය” ක්‍රියාවේ යෙදවීමේ අයිතිවාසිකම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අයුතු ලෙස තබා ගනිමිනි. මෙය, එක්සත් ජනපදයේ ඍජු මිලිටරි මැදිහත්වීම් 50කට පමන වේදිකාව සැකසී ය.
සීතල යුද්ධය සහ දකුනු හා මධ්‍යම ඇමරිකාව පුරා එක්සත් ජනපද පිටුබලය සහිත ෆැසිස්ට්-මිලිටරි ආඥාදායකත්වයන් බලය ගෙන, කම්කරුවන්, ශිෂ්‍යයන් සහ එක්සත් ජනපද ආධිපත්‍යයට හා මිලිටරි පාලනය විරුද්ධ වුනු අනෙකුත් අයවලුන් ලක්ෂ ගනනක් මරා දැමීම දැකගත් ගෝලීය ප්‍රති-කොමියුනිස්ට්වාදී කුරුස යුද්ධයක් සමග, 20වැනි සියවසේ පසුභාගය වනවිට මෙම ධර්මතාව නොවෙන්කල හැකි සේ අන්තර්ග්‍රහනය කෙරුනි.
20 වැනි සියවසේ ඉස්මතු වූ සියලු ප්‍රති-විප්ලවවාදී ලක්ෂන දරා සිටින “ට්‍රම්ප් ධර්මතාව,” වොෂින්ටනය “නිදහස” හා “ප්‍රජාතන්ත්‍රවාදය” යන උත්කෘෂ්ට අරමුනු හඹා යමින් සිටින බවට කියන සකලාකාර කුහක කඩතුරාවන් ගලවා විසි කරයි. එය සමන්විත වන්නේ, එක්සත් ජනපදයේ බලය නිවැරැදි දේ කරයි හා වොෂින්ටනයේ මිලිටරි බලය අවසර දෙන ඕනෑ ම දෙයක් එය අල්ලා ගනු ඇත යන මදාවිකාර අවධාරනයට නොඅඩු යමකිනි.
වෙනිසියුලාවට එල්ල කරන ප්‍රහාරයක්, කලාපය පුරා එක්සත් ජනපද ආක්‍රමනයෙහි ආරම්භක ලක්ෂ්‍යය පමනක් වනු ඇත.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා මත නඩු ඇසීම සඳහා නොරියේගා එක්සත් ජනපදයට ගෙන ආ, 1989 පැනමා ආක්‍රමනයේ කාචය හරහා, එක්සත් ජනපද නිලධාරීහු දකුනු ඇමරිකාව තුල යුද්ධයක් දැකගන්නා බව වාර්තා වේ. එහෙත්, වෙනිසියුලාව සතුව පැනමාව මෙන් 12 ගුනයක භූගෝලීය ප්‍රදේශයක් ඇති අතර, එහි ජනගහනය වසර 35කට පෙර පැනමාවේ සිටි ජනගහනය මෙන් 10 ගුනයක් වේ. තව ද එක්සත් ජනපදය පාලිත පැනමා ඇල කලාපයේ පැවති බහුවිධ මිලිටරි කඳවුරු හා භටයන් 13,000ක් විසින් පැනමාව දෙකඩ කර තිබූ නමුත්, වෙනිසියුලාව තුල එක්සත් ජනපද මිලිටරිමය පැවැත්මක් නැත.
“මදුරෝ පාලන තන්ත්‍රය පක්ෂඝාත කිරීමට හා අස්ථාවර කිරීමට, ප්‍රහාර මාලාවකින් සමන්විත විස්තීර්න ගුවන් ප්‍රහාර” දියත් කිරීමට එක්සත් ජනපදයට හැකි වන අතර, එවන් ගුවන් ප්‍රහාර “සාර්ථක වී ඇත්තේ ගොඩබිම් ප්‍රහාරයක තර්ජනය හෝ එවැන්නක් යථාර්ථවත්වීම සමග ඒකාබද්ධ වන විට පමනි” යි අනතුරු අඟවමින්, සීඑස්අයිඑස් වාර්තාව මධ්‍යස්ථ සටහනක් ඇතුල් කරයි. 2003 ඉරාකයට එරෙහි “කම්පනයේ හා විශ්මයේ” ප්‍රහාරවලට පසු තත්ත්වය ගැන සඳහන් කරමින්, “බලය ගත්විට රට පුරා පාලනය තහවුරු කිරීමට” තරම් ශක්තියක් එක්සත් ජනපද පිටුබලය ලබන දක්ෂිනාංශික විපාර්ශවයට නැතැයි ද එම නිසා, ට්‍රම්ප් පරිපාලනය “වැලැක්වීමට උත්සාහ කර ඇති දිග්ගැස්සුනු මිලිටරි ප්‍රයත්නයක්” හෙවත් තවත් සදාකාලික යුද්ධයකට මෙවර එහි ම “පසුතලයේ” දී මුහුන දෙනු ඇතැයි ද එය අනතුරු අඟවයි.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විදෙස් පිලිවෙත, අනෙකුත් ක්‍රමවලින් එහි දේශීය පිලිවෙතේ ම විස්තාරනයකි. වොෂින්ටනය වෙනිසියුලාවට එරෙහි ව යුද්ධයක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටින්නේ, ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපද නගරවලට හා “ඇතුලත සිටින හතුරාට” විරුද්ධව ව සිය යුද්ධය ප්‍රකාශ කරද්දී ය. එය, සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි අනුකම්පා විරහිත පොලිස් රාජ්‍ය මෙහෙයුමක් දියත් කර ඇත. වෙනිසියුලාව තුල ගැඹුරින් ම අපකීර්තියට ලක්ව ඇති පියවරක් වන, වෙනිසියුලානුවන් 600,000කට පමන තාවකාලික ආරක්ෂන තත්ත්වය අහිමි කිරීම ද මෙයට ඇතුලත් වන අතර, මෙය පරස්පර-විරෝධී වන්නේ, වොෂිංටනය වෙනිසියුලාවට සහාය දෙන බව ප්‍රකාශකරමින් ම මෙම ප්‍රහාර ක්‍රියාවට දමන හෙයිනි. ඒ අතර ම, විරුද්ධත්වය මැඩීම සඳහා, ප්‍රධාන නාගරික ප්‍රදේශවලට එක්සත් ජනපද හමුදා භටයන් දිගේලි කිරීමට ද එය උත්සාහ දරමින් සිටී.
මදුරෝ පාලනය ඇමෙරිකාව සංක්‍රමනිකයන් ගලා ඒමට(මෙය, ඇත්තවසයෙන්ම ධාවනය කෙරෙන්නේ වොෂිංන්ටනය විසින්ම පැනවූ ම්ලේච්ඡ ආර්ථික සම්බාධක මගිනි) සලස්වන බව හා මත්ද්‍රව්‍ය සංගත පවත්වාගෙන යන්නේය යන මුග්ධ කියාපෑම් සමගින්, ට්‍රම්ප් වෙනිසියුලාවට එල්ල කරන මිලිටරි ප්‍රහාරයක් සාධාරනීකරනය කරයි. එයාකාරයෙන්, එය, එක්සත් ජනපදය ඇතුලත ම වඩා විශාල පොලිස් රාජ්‍ය බලයන් සඳහා විධානය කිරීමට කඩතුරාව ලෙස, දකුනු ඇමරිකාව තුල සන්නද්ධ ගැටුමක් අනිවාර්යයෙන් ගසා කනු ඇත.
එක්සත් ජනපද හා ගෝලීය ධනවාදයේ පරස්පර-විරෝධයන් තුල මුල්බැස ඇති, නොවිසඳිය හැකි ගැටලු විසඳා ගනු වස්, සාපරාධී ප්‍රචන්ඩ විසඳුම් උදව් සොයා ගැනීමට වොෂින්ටනය ඇදී යයි. ලතින් ඇමරිකාව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද ඉලක්කයන් තුල පවතින්නේ උම්මතත්කභාවයේ දසුනකි. පූර්න-පරිමාන ලෝක යුද්ධයකින් පිටස්තර ව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට බෝම්බ හා මිසයිල යොදා ගෙන, දකුනු ඇමරිකාව තුල ප්‍රමුඛ වෙලඳ හවුල්කරුවා බවට චීනයේ නැගීම ආපසු හැරවිය නොහැක. එහෙත්, ෆැසිස්ට් ආඥාදායකත්වය කරා යන ධාවනය සමගින්, එය දැන් ගමන් කරමින් සිටින මාවත වන්නේ එය යි.
වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපදයේ සන්නද්ධ ආක්‍රමනයක්, ලතින් ඇමරිකාවේ සමාජීය හා දේශපාලනික වෙඩි බෙහෙත් ගබඩාව අවුලුවනු ඇත්තේ, මිලිටරිවාදයට හා තවත් එක්සත් ජනපද යුද්ධයක් සමග කැටුව එනු ඇත්තා වූ, අනිවාර්ය සමාජ ප්‍රහාරයන්ට එක්සත් ජනපදය තුල පවතින ගැඹුරට ගිය විරුද්ධත්වය පැන නංවමිනි.
ඩිමොක්‍රටික් පක්ෂයට ට්‍රම්ප් කෙරෙහි ඇත්තේ යයි මවා පෙන්වන විරුද්ධත්වය උඩ විශ්වාසය රඳවා යුද්ධය නැවැත්විය නොහැක. වෙනිසියුලාව, “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට හා විදෙස් පිලිවෙතට අසාමාන්‍ය හා අත්‍යාසාමාන්‍ය තර්ජනයක්” බවට හංවඩු ගසමින්, 2015 දී ජාතික හදිසි තත්ත්වයක් පලමු වරට ප්‍රකාශ කලේ, ඔබාමා පාලනයයි. යටත් වීම සඳහා වෙනිසියුලාව හාමතට ඇද දැමීම හා අඛන්ඩ තන්ත්‍ර-මාරු මෙහෙයුම් ඉලක්ක කරගන්නා රුදුරු සම්බාධකවලට පදනම දමමින්, ට්‍රම්ප් හා බයිඩන් යන පරිපාලනයන් දෙක ම විසින් එම ආඥාව අලුත් කරන ලදි. රුසියාව කෙරෙහි වඩා යුදවාදී පිලිවෙතක් සඳහා වන ඉල්ලීම වටා කේන්ද්‍රගත වන ඩිමොක්‍රටියන්ට ට්‍රම්ප් සමග තිබෙන මතභේද කවරක් වුවත්, ඔවුන් අන් කිසිවකටත් වඩා බිය වන්නේ, පහලින් එන මහජන කැරැල්ලකට ය.
ඒ අතර ම, වෙනිසියුලානු ධනේශ්වරයේ කොටස්වල හා විදේශීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා නියෝජනය කරන මදුරෝ ආන්ඩුව, වෙනිසියුලාවේ හා ඇමරිකාවන් දෙකේ කම්කරු පන්තියට හා පීඩිත මහජනයාට අව්‍යාජ අධිරාජ්‍ය-විරෝධී ආයාචනයක් කිරීමට අසමත් ය.
රියෝ නදියේ දෙපසේ ම සිටින කම්කරුවෝ, අධිරාජ්‍යවාදයේ සැබෑ ඉලක්කය බවට පත්ව ඇත්තේ තමන් ය යන යථාර්ථය ග්‍රහනය කරගනිමින්, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වත් එහි මූලාශ්‍රය වන ධනපති ක්‍රමය අවසානයකට ගෙන ඒමටත්, දේශසීමා කපාගෙන ඒකාබද්ධ අරගලයකටත් එක්සත් විය යුතු ය.
වැඩිදුර කියවන්න
- වෙනිසියුලාව ආරක්ෂා කිරීම හා ලතින් ඇමරිකාව තුල සමාජවාදය සඳහා සටන
- වෙනිසියුලා "වර්ජනය" එක්සත් ජනපද පිටුබලය ලබන ප්රකෝපකරනයක දේහ ව්‍යහය
- වෙනිසියුලාව: චාවේස්ගේ ව්‍යවස්ථා ජනමත විචාරනය තුල මතු වන පන්ති ප්‍රශ්න
- ඔබාමාගේ ලතින් ඇමරිකාව වෙත හැරීම
- ලතින් ඇමරිකාව තුල සමාජවාදය ද ජාතිකවාදය ද: චාවේස් පාක්ෂිකයෙකුට පිලිතුරක්
