වෙනිසියුලානු ව්‍යවස්ථාවේ යෝජිත ප්‍රතිසංස්කරන පිලිබඳව පැවැත්වෙන දෙසැම්බර් 2 ජනමත විචාරනය රටේ දේශපාලන අර්බුදයේ තියුනු උත්සන්න වීමක් නිර්මානය කර ඇත.
සඳුදා, ජනාධිපති හියුගෝ චාවේස්ගේ වාම-ජාතිකවාදී ආන්ඩුවේ දක්ෂිනාංශික විරුද්ධවාදීන් විසින් සංවිධානය කරන ලද දේශපාලන ප්‍රචන්ඩ ක්‍රියා 19 හැවිරිදි තෙල් කම්කරුවකු වු ජෝස් ඔලිවරොස්ගේ ජීවිතය බිලි ගත්තේ ය. අරගුවා නමැති මධ්‍යම ප්‍රාන්තයේ පිහිටි රාජ්‍ය-සතු ආයතනයක සේවය සඳහා යමින් සිටිය දී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරනවල විරුද්ධවාදීන් විසින් ඔහුට පිටුපසින් වෙඩි තබන ලදි. විරෝධතාකරුවන් විසින් අවහිර කර තිබුනු වීදියක් ඔස්සේ සිය වාහනය පදවා ගෙන යාමට ඔහු උත්සාහ කල විට ඔහුට වෙඩි තබා ඝාතනය කෙරුනි.
තරුන කම්කරුවාගේ මරනය සිදු වූයේ රටේ වත්මන් ව්‍යවස්ථාවට එකතු කිරීම් හෝ සංශෝධන 69ක් යෝජනා කරන ප්‍රතිසංස්කරනවලට පක්ෂව මෙන් ම විපක්ෂව ද මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති විරෝධතාවලින් පසුව ය.
ප්‍රතිසංස්කරනවලට එරෙහි උද්ඝෝෂනයට නායකත්වය දෙන්නේ වොෂිංටනයේ පිටුබලය ලබන වෙනිසියුලාවේ ධනවත් කතිපයාධිකත්වය හා බැඳුනු දේශපාලන බලවේගයන් ය. 2002 අප්‍රේල් මස එක්සත් ජනපදයේ සහයෝගයෙන් දියත් කෙරුනු අසාර්ථක කුමන්ත්‍රනයෙන් චාවේස් පාලනය පෙරලා දැමීමට උත්සාහ කලේ ද එතැන් පටන් දේශපාලන ප්‍රකෝපකරන මාලාවක් දියත් කලේ ද මෙම බලවේග ම ය.
වෙනිසියුලාවේ පුද්ගලික දක්ෂිනාංශික මාධ්‍ය මගින් දිරිගන්වනු ලබන 'නැත ' යන උද්ඝෝෂනය ජනමත විචාරනය සම්බන්ධයෙන් හිස්ටීරියා වාතාවරනයක් නිර්මානය කර ඇත්තේ, මධ්‍යම හා ඉහල පන්තික ශිෂ්‍යයන්ගෙන් සමන්විත අතිශයින් ම වරප්‍රසාදිත කොටස් බොහෝ සෙයින් ආකර්ෂනය කර ගැනුනු විරෝධතා ව්‍යාපාර බලමුලු ගැන්වීමට සමත් වෙමිනි.
මෙම දක්ෂිනාංශික හා නිරන්තරයෙන් ප්‍රචන්ඩ ස්වරූපයක් ගෙන ඇති ශිෂ්‍ය විරෝධතා ජාත්‍යන්තර ජන මාධ්‍යවල දැවැන්ත අවධානයක් දිනා ගෙන ඇත.
එම විරෝධතා ඒකාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් කෙරෙන අරගලයක් ලෙස මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ උද්ඝෝෂකයන් යැයි කියනු ලබන මෙම කොටස් ම ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයකු පෙරලා දැමීමේ එල්ලයෙන් යුක්ත මිලිටරි කුමන්ත්‍රනයකට පිටුබලය දුන්නේ ය යන දේශපාලන උත්ප්‍රාසය ජන මාධ්‍යවල කිසිදු කොටසක අවධානයට යොමුව නැත.
බොහෝ සෙයින් ගත් කල, ජනමත විචාරනයට සහයෝගය දෙන පෙලපාලිවලට හා රැලිවලට සහභාගි වන බහුතරය කම්කරු පන්තික කොටස් වන අතර ඒවා වඩා දැවැන්ත වන නමුදු, සංසන්දනාත්මක මාධ්‍ය අවධානයක් ඒවා වෙත යොමු වී නැත.
එකිනෙකට පරස්පර මත විමසුම් මගින් දැක්වෙන්නේ, එක්කො ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන පැහැදිලි බහුතරයකින් අනුමත වනු ඇත නැත හොත් 'ඔව් ' හා 'නැත ' යන දෙකට ම මුලුමනින් ම පාහේ සමාන ඡන්ද ප්‍රමාන ලැබෙනු ඇති බව යි.
සෑම දර්ශකයකින් ම පෙන්නුම් කෙරෙන්නේ, වෙනිසියුලාවේ දේශපාලන ආතතීන් 2002 දී සිදු කිරීමට උත්සාහ කල කුමන්ත්‍රනයට පසුව පැවති තියුනු ම මට්ටම කරා ලඟා වී ඇති බව යි. පාලක ප්‍රභූවේ සම්ප්‍රදායික බල කඳවුරු ගැටුමක් ඇවිලවීමට උත්සාහ දරා ඇත. නිදසුනක් ලෙස, කතෝලික බිෂොප්වරු සඳුදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිසංස්කරන 'සදාචාරමය වසයෙන් පිලිගත නොහැකි ' ඒවා ලෙස විස්තර කර තිබේ. එලෙස ම, අසාර්ථක කුමන්ත්‍රනයේ මූලික ම ආධාරකරුවන් අතර සිටි රටේ ප්‍රධාන ව්‍යාපාරික සංවිධානය වන ෆෙඩකැමරාස්, ජනමත විචාරනයේ දී 'නැත ' යනුවෙන් ඡන්දය දෙන ලෙස සඳුදා නිවේදනයක් නිකුත් කලේ, තමන්ගේ ආස්ථානය සිය සාමාජිකයන්ගේ 'ජීවන රටාව ' සමග කිසිදු සම්බන්ධයක් නැති බව ද අවධාරනය කරමිනි. 'ෆෙඩකැමරාස් තුල අපි ප්‍රජාතාන්ත්‍රිකයෝ වන්නෙමු ' යැයි එම නිවේදනය කියා සිටී. 'අපට කොමියුනිස්ට්වාදීන් වීමට අවශ්‍යතාවක් ද නැත. ' දේශපාලන අර්බුදයේ ගැඹුර ගැන වඩා හොඳින් කියැවෙන වර්ධනයක් නම් සමහර දේශපාලන පක්ෂවල ද -- වඩාත් අර්ථභාරී ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පොඩෙමොස් -- කලින් 'චාවිස්මො ' සමග අනන්‍යව සිටි ප්‍රමුඛ පුද්ගලයන්ගේ ද පිල් මාරුව යි.
එවන් පුද්ගලයන් අතරින් වඩාත් ම වැදගත් වන්නේ මේ වසරේ ජුලි වන තෙක් වෙනිසියුලාවේ ආරක්ෂක ඇමතිව සිටි විශ්‍රාමික ජෙනරාල් රාවුල් බඩුවෙල් ය.
නොවැම්වර් 5 දා වෙනිසියුලාවේ දක්ෂිනාංශික මාධ්‍ය සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳ වූ බඩුවෙල් යෝජිත ප්‍රතිසංස්කරන 'ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයක් ' ලෙස හෙලා දුටුවේ ය. 'නැත ' යනුවෙන් ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටි ඔහු සන්නද්ධ හමුදාවල ව්‍යුහය වෙනස් කිරීමට කර ඇති යෝජනා 'ප්‍රගාඪ විශ්ලේෂනයකට ' භාජනය කරන ලෙස මිලිටරිය වෙත කැඳවුමක් ද කොට 'විශ්ලේෂනය කිරීමට හා සිතීමට වෙනිසියුලාවේ මිලිටරි සාමාජිකයන්ට ඇති හැකියාව ' අවතක්සේරු නොකල යුතු බව ද ප්‍රකාශ කලේ ය.
එවන් වචනවල අන්තර්ගතය වැරදීමක් විය නොහැකි ය. ජනමත විචාරනය 'කුමන්ත්‍රනයක් ' ලෙස හෙලා දැකීම අත්‍යවශයෙන් ම නියම දෙය යුක්තියුක්ත කරන අතර, දේශපාලන යෝජනා 'විශ්ලේෂනයට ' භාජනය කරන ලෙස 'මිලිටරි සාමාජිකයන්ගෙන් ' ඉල්ලා සිටීම මගින් පැහැදිලිව ම ගම්‍ය වන්නේ ඔවුන් එය සිදු කල වහා ම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමක් ද අවශ්‍ය බව යි.
මිලිටරි නිලධාරින් වෙත කෙරෙන මෙම තුනී ලෙස ආවරනිත ආයාචනයේ අර්ථභාරය වඩාත් ම දැවැන්ත වන්නේ එය සිදු කල පුද්ගලයා චාවේස්ගේ පැරනිතම දේශපාලන සගයන්ගෙන් කෙනෙකු වීම සහ වෙනිසියුලානු මිලිටරිය තුල සිටින ඔහුගේ වඩාත් ම වැදගත් ආධාරකරුවා ලෙස දිගු කලක් තිස්සේ සැලකුනු තැනැත්තා වීම නිසා ය.
බඩුවෙල්, 1980 ගනන්වල වෙනිසියුලානු මිලිටරිය තුල නිර්මානය කෙරුනු කුමන්ත්‍රනකාරී කන්ඩායමක් වූ විප්ලවකාරී බොලිවියානු ව්‍යාපාරයේ (එම්බීආර්-200) ආරම්භක සාමාජිකයෙක් විය. එවකට පැරචුට් හමුදාවේ කර්නල්වරයකු වු චාවේස් විසින් මෙහෙයවන ලද 1992 අසාර්ථක කුමන්ත්‍රනය පැන නැගීමට අවසානයේ දී තුඩු දුන්නේ මෙම එම්බීආර්-200 ව්‍යාපාරය යි. බඩුවෙල් කුමන්ත්‍රනයට සහභාගි නොවනු අතර එහි සාර්ථකත්වය ගැන ප්‍රශ්න කල බවක් පෙනුනු නමුදු, ඔහු අනතුරුව චාවේස් ආරක්ෂා කල අතර 1988 දී චාවේස්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරයට පිටුබලය දුන්නේ ය.
වඩාත් ම වැදගත් කාරනාව නම්, 2002 දී එක්සත් ජනපද පිටුබලය ලද අප්‍රේල් කුමන්ත්‍රනය අවසානයේ පරාජය කිරීමට සමත් වූ වෙනිසියුලානු මිලිටරිය තුල බලවේග මෙහෙය වූයේ බඩුවෙල් වීම ය. ඔහු 2004 දී හමුදාපති ලෙස ද 2006 දී රටේ ආරක්ෂක ඇමති ලෙස ද නම් කෙරුනි.
චාවේස්ගේ '21 වන සියවසේ සමාජවාදයේ ' දෘඩතර අනුගාමිකයකු ලෙස තමන්ව නම් කර ගෙන සිටි බඩුවෙල්ගේ මෙම හැරීම නිසැකව ම පිලිබිඹු කරන්නේ සමස්තයක් ලෙස හමුදාව ඇතුලත පවත්නා වඩා පුලුල් භේදයන් වන අතර තවත් කුමන්ත්‍රනයක තර්ජනය කිසිදු අයුරකින් නොතකා හැරිය නොහැකි ය.
එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සීඅයිඒ සංවිධානය චාවේස් ආන්ඩුව පෙරලා දැමීමේ විභවයෙන් යුක්ත බලවේග ඒකාබද්ධ කිරීමේ මාධ්‍යයක් ලෙස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරනවලට එරෙහි විරුද්ධත්වය ක්‍රියාකාරීව අවුලුවාලීමට කටයුතු කරන බවට ද සැකයක් නැත. මැද පෙරදිග මෙන් ම, වඩා කීකරු තන්ත්‍රයක් පිහිටුවීම මගින්, මෙම ග්‍රහ ලෝකයේ පවත්නා වඩාත් ම වැදගත් බල ශක්ති සම්පතෙන් කොටසක් අන්තර්ගත කරගත් කලාපයක් මත සිය අධිපතිවාදී පාලනය යලි තහවුරු කර ගැනීමට වොෂිංටනය අධිෂ්ඨානවත්ව සිටී.
ජනමත විචාරනයට පක්ෂව පවත්නා මහජන මනෝගතිය කරුනු දෙකක් මත පදනම්ව ඇත. එනම්, 'නැත ' යන කඳවුර සමන්විත වන තමන්ගේ වඩාත් ම සම්මුති විරහිත පන්ති සතුරන් කෙරෙහි වෙනිසියුලානු කම්කරු හා පීඩිත මහජනතාව අතර පවත්නා වෛරය සහ 'සමාජවාදය ' ක්‍රියාවට නැගීම ලෙස චාවේස් ආන්ඩුව හා එහි ආධාරකරුවන් විසින් වගවර්නනා කරනු ලබන විවිධාකාර සමාජ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන මගින් දී ඇති පොරොන්දු ය.
පැය හයේ වැඩ දිනයක් ක්‍රියාවට දැමීම ද ස්ථිර රැ කියාවක් නැති ආර්ථිකයේ 'අවිධිමත් ' අංශයේ කොටසක් ලෙස නම් කෙරුනු ජනගහනයෙන් හරි අඩක් පමන වන දශ ලක්ෂ සංඛ්‍යාත වෙනිසියුලානු වැසියන් සඳහා අමතර සෞඛ්‍ය රක්ෂන වැඩපිලිවෙලක් පිහිටුවීම ද මෙම ප්‍රතිසංස්කරනවලට ඇතුලත් වේ. කෙසේ වෙතත්, මෙම වැඩසටහන් ව්‍යවස්ථාවේ වගන්ති බවට පත් කිරීම, ඒවා නෛතික මූලධර්මයක මට්ටමෙන් ඔබ්බට ගෙන යාමක් නොකරයි.
යථාර්ථය නම්, වෙනිසියුලාවේ ව්‍යවස්ථාවට යෝජනා කෙරී ඇති වෙනස්කම්වලට ධනවාදය අවසන් කිරීම හෝ සමාජවාදී සමාජයක් ගොඩනැගීම හෝ සමග කිසිදු සම්බන්ධයක් නැති අතර ආන්ඩුව විසින් යෝජනා කෙරී ඇති විවිධ ව්‍යවස්ථා සංශෝධන කම්කරුපන්තියට එල්ල කරන අන්තරායන් මොන යම් හෝ යෝජිත ප්‍රතිලාභයකට වඩා දැවැන්ත වීම ය.
ප්‍රතිසංස්කරනවල සාරභූත බලය වන්නේ, තෙල් අපනයනයෙන් උපයන මුදලින් නඩත්තු කෙරෙන සමාජ වැඩපිලිවෙලවල් මගින් ජනගහනයේ දුප්පත්ම කොටස් වෙත කෙරෙන ජනතාවාදී ආයාචනා සහ මිලිටරිය යන දෙක ම මත වාරු වන පුද්ගලවාදී ධනේශ්වර තන්ත්‍රයක් තව දුරටත් ශක්තිමත් කරමින්, චාවේස්ගේ අතෙහි වඩා පුලුල් ජනාධිපති බලතල ගොනු කිරීම යි.
ජනාධිපති ධුර කාල සීමාව වසර හයේ සිට හත දක්වා දීර්ඝ කිරීමක් ද බලයේ සිටින ජනාධිපතිවරු අසීමිතව යලි තෝරා පත් කර ගැනීමට ඉඩ දීමක් ද මෙම සංශෝධනවලට ඇතුලත් වේ. මෙම සංශෝධන දෙක ම සැලසුම් කර ඇත්තේ විශේෂයෙන් ම චාවේස් ජනාධිපති මැදුර වන මිරාෆ්ලෝරෙස්හි දිගට ම තබා ගැනීමට යි.
යෝජිත සංශෝධන තුල පැතිර පවත්නා වාම හා 'සමාජවාදී ' පවා වන පූච්චානම් ගැන බොහෝ දේ කියා ඇති නමුදු, යථාර්ථය වන්නේ, නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික ධනපති අයිතිය පිලිබඳ පැහැදිලි සහතික, යලි ලියනු ලබන ව්‍යවස්ථාවට ඇතුලු වන බව යි.
වෙනිසියුලානු තෙල් ගවේෂනය සඳහා වෙනිසියුලානු ආන්ඩුව හා විදේශීය බල ශක්ති සංගත අතර අත්සන් කෙරෙන ගිවිසුම්වල වඩාත්ම ප්‍රමුඛ ලෙස දක්නට ලැබෙන 'මිශ්‍ර ' පුද්ගලික-රාජ්‍ය ව්‍යවසායන්ගේ තත්වය ද එම යෝජිත ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කෙරෙයි.
විදේශීය හා ජාතික ධනපති ව්‍යවසායන් සඳහා සම සැලකිලි, පේටන්ට් අයිතිය සහ බුද්ධිමය දේපල අයිතිය සහතික කරන පවත්නා ව්‍යවස්ථාවේ ඇති සෙසු වගන්ති ද නව ව්‍යවස්ථාව තුල එලෙස ම පවතී.
ධනපති කර්මාන්ත රාජ්‍ය මගින් අස්වාමික කිරීමක් ගැන එම ලියවිල්ල සඳහන් කරන තාක් දුරට එය සිදු කෙරෙන්නේ පුද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එහි පොදු රාමුව තුල ය, එනම්, කොටස් වෙලඳ පොලෙහි එහි වටිනාකම ඉක්මවා යන ආකාරයේ වන්දි ගෙවමින් මෑත දී සිදු කල වෙරිසොන් සමාගමට අයත් වෙනිසියුලානු දුරකතන සමාගම වන සීඒඑන්ටීවී ආයතනය ජනසතු කිරීමේ පිලිවෙත අනුව ය.
වෙනිසියුලානු මිලිටරිය 'අධිරාජ්‍ය-විරෝධී මහජන ආයතනයක් ' ලෙස යලි අර්ථදැක්වීමක් ද ජාතික භට හමුදාව 'බොලිවියානු මහජන හමුදාව ' ලෙස යලි නම් කිරීමක් ද ව්‍යවස්ථා සංශෝධනවලට ඇතුලත් වේ.
එහෙත් මෙම වචනාර්ථමය වෙනස්කම් තිබිය දී ම.
මෙම ආයතන ධනේශ්වර සන්නද්ධ හමුදාවල එම ව්‍යුහය හා විනය යටතේ ම දිගට ම පවතී.
මේ සම්බන්ධයෙන් කෙරෙන වඩාත් ම අර්ථභාරි වෙනස නම්, යලිත් වරක්, නිලධාරින්ගේ සියලු උසස්වීම් තීන්දු කිරීමේ අධිකාරිය ජනාධිපතිට ලබා දෙමින්, ජනාධිපති බලතල ශක්තිමත් කිරීම යි.
දේශපාලන ක්ෂේත්‍රය තුල කෙරෙන ප්‍රතිසංස්කරන, ආඥාවන් මගින් ෆෙඩරල් පලාත්, භූමි ප්‍රදේශ සහ නගර පවා නිර්මානය කිරීමේ බලතල චාවේස්ට ලබා දෙනු ඇත. ඒවා පාලනය කිරීමට ඡන්දයෙන් තෝරා පත් කර නොගැනුනු 'උප ජනාධිපතිවරු ' නම් කිරීමට ද ඔහුට හැකි ය. එය සාරභූත වසයෙන් ම ඡන්දයෙන් තේරී පත් වූ පලාත් හා නාගරික ආන්ඩුවල බලය පැහැර ගැනීමක් වනු ඇත.
එලෙස ම, මහ බැංකුව හා රටේ විනිමය සංචිත ඇතුලු සමස්ත රාජ්‍ය භාන්ඩාගාරය ම ජනාධිපතිගේ සෘජු පාලනය යටතේ තැබෙනු ඇත. ඒ අතරතුර, කෙසේ වෙතත්, වෙනිසියුලාවේ මූල්‍ය පද්ධතිය, ජාත්‍යන්තර බැංකුවල ද සමස්ත ලතින් ඇමරිකාව තුල ම ඉහල ම ලාභ ආනුපාතික වාර්තා කරන ඒවායේ වෙනිසියුලානු අනුබද්ධිත ආයතනවල ද දැඩි පාලනය යටතේ දිගට ම පවතිනු ඇත්තේ රටේ විදේශ නය යලි ගෙවීමට ආන්ඩුව දිගට ම කැපවී සිටිනු තතු තුල ය.
හුදු සැරසිල්ලක් ලෙස, ජනතා මන්ඩල ව්‍යවස්ථාවට ඇතුලු කර ඇත. චාවේස් සහ ඔහුගේ ආධාරකරුවෝ මෙම ආයතන 'මහජන බලයේ ' හා 'වීදි පාර්ලිමේන්තුවාදයේ ' රූපාකාරයක් ලෙස තොරොම්බල් කරයි. කෙසේ වෙතත්, යථාර්ථය වන්නේ, මේවා ධනවාදය පෙරලා දමා කම්කරු පන්තිය මත පදනම් වන නව රාජ්‍යයක් ගොඩනැගීමේ අරගලය තුල පහලින් නැගී එන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ මන්ඩල නොව, ඊට ප්‍රතිකූලව, ජනාධිපති අනුග්‍රහය හා චාවේස්ගේ තෙල් ආදායම් මගින් කෙරෙන නඩත්තුව මත දේශපාලනිකව හා ආර්ථිකව මුලුමනින් ම රදා පවත්නා ඉහලින් පටවනු ලබන ව්‍යුහයන් ය. ඒවායේ කාර්ය භාරය වන්නේ පන්ති අරගලය සංවිධානය කිරීම නොව, එයට ප්‍රතිකූලව එය මර්දනය කොට මහජනතාව ආන්ඩුවට යටත් කිරීම ය.
කෙසේ වෙතත්, වඩාත් ම භයංකර සංශෝධන වන්නේ, චෝදනා ඉදිරිපත් කිරීමකින්, නඩු විභාගයකින් හෝ නීති නියෝජනයකින් තොරව පුද්ගලයන් රඳවා ගැනීමට තථ්‍ය වසයෙන් ම ඉඩ දෙමින්, නෛතික ක්‍රියාදාමයට ඇති අයිතීන් අත්හිටුවීමේ ඉඩකඩ ආන්ඩුවට ලබා දෙන හදිසි නීතිය පැනවීමේ බලතල ජනාධිපතිට ප්‍රදානය කිරීම යි. එමෙන් ම එවන් හදිසි නීති තත්වයන්ගේ කාලය සම්බන්ධ පවත්නා සියලු සීමාවන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන මගින් ඉවත් කෙරෙනු ඇත.4 චාවේස් ආන්ඩුවේ ආධාරකරුවන් හා ක්ෂමාලාපකයන් අවධාරනය කර ඇත්තේ, ආන්ඩුව පෙරලා දැමීමේ 2002 ප්‍රයත්නය වැන්නක් යලි ඇතිවීමකට එරෙහිව සටන් වදිනු පිනිස එවන් ආඥාදායක විධික්‍රම අවශ්‍ය බව යි. කෙසේ වෙතත්, යථාර්ථය වන්නේ, 2002 දී තමාට එරෙහිව කුමන්ත්‍රනය මෙහෙය වූ අයට දඬුවම් කරනු පිනිස චාවේස් පැරනි ව්‍යවස්ථාව යටතේ පවත්නා නෛතික විධිවිධාන පවා යොදා නොගත් බව යි. ඔවුන්ගෙන් කිසිවකුටත් සිර දඬුවම් ලබා දෙනු තබා ඔවුන්ට විරුද්ධව නඩු විභාගයක් වත් පැවැත්වුනේ නැත.
ධනේශ්වර රාජ්‍යය -- චාවේස්ගේ හෝ වෙනත් අයෙකුගේ නායකත්වය යටතේ -- මිලිටරි කුමන්ත්‍රනයක් මැඩීමට වඩා, එම නව ව්‍යවස්ථාව තුල ම ආරක්ෂා කෙරී පවත්නා ධනපති පුද්ගලික දේපොල අයිතියට එරෙහි කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයකට විරුද්ධව එවන් මර්දන විධික්‍රම යොදා ගැනීමට වඩා වැඩි ඉඩකඩක් ඇත.
දේශීය හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ පිටුබලය ලබන එවන් කිසිදු මිලිටරි නැගිටීමක් ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසි කිරීම මගින් කිසි කවර කලෙකත් නතර කරනු ලැබ නැත. ඊට ප්‍රතිකූලව, එවන් කුමන්ත්‍රනයක් පරාජය කිරීමේ හැකියාව සහිත එක ම බලවේගය වන්නේ, කම්කරු පන්තිය හා පීඩිත මහජනතාව අරගලය තුල ස්වාධීනව බලමුලු ගැන්වීම යි.
තෙල් අපනයනයෙන් උපයන මුදලින් නඩත්තු කෙරෙන සිය ජාතිකවාදය හා සමාජ ජනතාවාදය විස්තර කිරීමට චාවේස් තෝරා ගෙන ඇති '21 වන සියවසේ සමාජවාදය ' නමැති සටන් පාඨය ද්විත්ව අර්ථභාරයක් අත්පත් කර ගනී. එක අතෙකින්, ඔහු ම පැහැදිලි කර ඇති පරිදි, එය සැලසුම් කෙරී ඇත්තේ.
අව්‍යාජ සමාජවාදයෙන් හා මාක්ස්වාදයෙන් ඔහුගේ පිලිවෙත වෙන් කර දැක්වීමට යි, එනම් විශේෂයෙන් ම සිය පිලිවෙත කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී අරගලය මත පාදක වන බව ප්‍රතික්ෂේප කිරීමට යි.
දෙවනුව, ඉතිහාසය අකාමකා දමා විසි වන සියවසේ කටුක පාඩම් ප්‍රතික්ෂේප කිරීමට ද එය යොදා ගැනෙයි.
නැවත නැවතත්, එම කාල පරිච්ජේදයේ අරගල තුල ලෙයින් ලියැවුනු පාඩම නම්, ධනේශ්වර ආන්ඩුවක දේශපාලන පූච්චානම් කෙතරම් නම් ජනතාවාදී හෝ 'සමාජවාදී ' වුවත් එවන් ආන්ඩුවකට යටත් වී ගැනීම මගින් කම්කරු පන්තියට එක්සත් ජනපදයේ පිටුබලය ලැබෙන ෆැසිස්ට්-මිලිටරි කුමන්ත්‍රනයක තර්ජනය පරාජය කල නොහැකි බව යි. වඩාත් ම ව්‍යසනකාරි ලෙස, 1973 දී චිලියේ සැල්වදෝර් ඇලෙන්ඩේගේ මහජන එකමුතු ආන්ඩුව සම්බන්ධයෙන් මෙන් ම, 1971 දී 1975 දී පිලිවෙලින් බොලිවියාවේ ජෙනරාල් ජේ.ජේ.
ටොරෙස්ගේ ද පේරු දේශයේ ජෙනරාල් ජුවාන් වෙලාස්කො ඇල්වරාඩොගේ ද 'වාම ' මිලිටරි තන්ත්‍රයන් සම්බන්ධයෙන් ද නැත හොත් ඒ සම්බන්ධයෙන් ගත හොත් 1976 දී ආර්ජන්ටිනාවේ පෙරොන්වාදයේ ද අත්දැකීම එය යි.
වත්මන් ජනමත විචාරනයේ 'නැත ' යන උද්ඝෝෂනය පිටුපස සිටින දක්ෂිනාංශික බලවේග මෙන් ම මෘග මර්දන රැල්ලක් මුදා හරිනු ඇති එක්සත් ජනපද පිටුබලය ලබන කුමන්ත්‍රනයක සෑබෑ තර්ජනය ද පරාජය කල හැක්කේ වෙනිසියුලානු කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ස්වාධීන අරගලය මගින් ම පමනි.
එය ඉල්ලා සිටින්නේ, ධනවාදය අවසන් කිරීමේ ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස වෙනිසියුලාවේ වැඩ කරන ජනතාව දේශපාලනිකව බලුමුලු ගැන්වීම සඳහා සටන් වදින නව ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම යි.
[මෙය 2007 නොවැම්බර් 28 වැනි දින Venezuela: the class issues in Chavez’s constitutional referendum යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
