දුම්රිය කම්කරුවෝ දහස් ගනනක් ආන්ඩුවේ තර්ජනය නොතකා දෙදින වැඩ වර්ජනයට සහභාගී වෙති
ආරක්ෂිත, දැරිය හැකි, අඛන්ඩ සේවාවක් සම්පාදනය කිරීම සඳහා දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයට යෝධ ආයෝජන යෙදවීම කම්කරුවන්ගේ ඉල්ලීම විය යුතු ය. එම ඉල්ලීම් දුම්රියත් සමස්ත ආර්ථිකයත් ලාභ පද්ධතියේ හස්තයෙන් මුදා ගෙන සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමට කරන අරගලයෙන් වෙන් කල නොහැක.
