[මෙය Sri Lanka: Vote SEP in the Local Government elections මැයෙන් 2025 මැයි 03 පල වූ ලිපියේ පරිවර්තනයකි.]
සමාජවාදී සමානතා පක්ෂය (සසප), මැයි 6 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පලාත් පාලන මැතිවරනයේදී එම පක්ෂයට ඡන්දය දෙන ලෙස කම්කරුවන්, තරුනයින්, ගම්බද දුගීන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටී. සසපට ඔබ දෙන ඡන්දය, අධිරාජ්‍යවාදී යුද්ධය, කප්පාදු සහ ඒකාධිපති පාලන ක්‍රමවලට එරෙහි සමාජවාදී වැඩපිලිවෙලකට ඔබේ සහයෝගය පෙන්නුම් කරනු ඇත.
සමාජවාදී සමානතා පක්ෂය, අපේක්ෂකයන් 21 ක් ඉදිරිපත් කරමින් කොලඹ තදාසන්න කොලොන්නාව නගර සභාවටද අපේක්ෂකයන් 13 ක් ඉදිරිපත් කරමින් යුද්ධයෙන් විනාශ වූ යාපනය දිස්‌ත්‍රික්‌කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවටද තරඟ කරයි. අපේ අපේක්ෂක ලැයිස්තු දෙකට, පක්ෂයේ දීර්ඝකාලීන නායකයන් වන විලානි පීරිස් සහ තිරුඤාන සම්බන්දර් නායකත්වය දෙති.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව, මැතිවරනය කැඳවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සඳහා තම හස්තය ශක්තිමත් කර ගැනීමට බව අපි මුලසිටම කම්කරුවන්ට තරුනයන්ට සහ දුගී ජනයාට අනතුරු ඇඟවූයෙමු.
රජය සතු ව්‍යවසායයන් 400 ක් පමන පුද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යූහගත කිරීම, වැඩ කරන ජනයා මත වඩාත් ඉහල බදු පැනවීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි මූලික මහජන සේවාවන් සඳහා වෙන්කරන මුදල් කප්පාදු කිරීම ආදිය මීට අඩංගු වේ. මේවායේ ප්‍රතිඵලය වනු ඇත්තේ ලක්ෂ ගනනක් රැකියා විනාශ කිරීම මෙන්ම වැටුප් හා සේවා කොන්දේසි කපා දැමීමත් ය.
අපේ අනතුරු ඇඟවීම් සැබෑවක් බව දැන් ඔප්පු වී තිබේ.
තම මැයි දින පනිවිඩය තුල ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ අවධාරනය කලේය. ” ගෝලීය භූ දේශපාලන වෙනස්වීම් සහ වැඩි වන අභියෝගයන් ඉදිරියේ ආර්ථිකය යලි ගොඩනැගීමේ බරට තවදුරටත් කර ගැසීමට සිදු වන්නේ ශ්‍රි ලංකාවේ වැඩ කරන ජනතාවටය”
ඔහු කී දෙයෙහි අදහස වන්නේ ශ්‍රි ලංකාව තුල සහ ජාත්‍යන්තරව ධනපති ක්‍රමයේ අර්බුදය තව තවත් නරක් වනවිට, ආන්ඩුව වැඩ කරන ජනතාව මත අලුත් බරවල් පටවන බවය.
ජවිපෙ/ජාජබ මැයි දින රැලිය අමතමින් දිසානායක මෙසේ ප්‍රකාශ කලේය: “ඔබේ පැරනි ආකල්ප අත්හැර දමන්නැයි අපි වෘත්තීය සමිති වලට කියමු. ලූනු බිකටත් සටන් කරන්න එපා”
ජනාධිපති සඳහන් කලේ වෘත්තීය සමිති ගැන වුවද ඔහුගේ සැබෑ ඉලක්කය වැඩකරන ජනතාවය. මෙය, කම්කරු පංතියේ කවර හෝ විරෝධයක් ආන්ඩුව නොඉවසනු ඇති බවටත් වර්ජන සහ විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිස් රාජ්‍ය මර්දනය යොදා ගැනීමට පසුබට නොවන බවටත් අනතුරු ඇඟවීමකි.
ශ්‍රි ලංකාවේ ධනපති ක්‍රමය රැකගැනීමේ එකම මාර්ගය වශයෙන් ජාමූඅ හි න්‍යය පත්‍රය ක්‍රියාත්මක කිරීමට, සජබ, යූඑන්පී, පොඑපෙ, සහ දෙමල මුස්ලිම් ධනපති පක්ෂ ආදී සියලුම විපක්ෂයේ දේශපාලන පක්‍ෂ සම්පූර්න සහයෝගය දෙති. ඔවුන්ගේ වාචාල කතා සහ හිස් පොරොන්දු හුදෙක්ම ඡන්ද ඩැහැ ගැනීම සඳහාය.
ශ්‍රි ලංකාවේ පලාත් පාලන මැතිවරන පැවැත්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය මැද්දේය. අපේ මැතිවරන ප්‍රකාශනයේ සඳහන් පරිදි, කම්කරු පන්තියේ ස්වාධීන සහ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව, පසුගිය මාසය තුල සිදුවූ දෑ වලින් සම්පූර්නයෙන්ම තහවුරු වී තිබේ.
ෆැසිස්ට්වාදී අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්, 1930 ගනන්වල ජර්මන් ආඥාදායක නාසිවාදීන්ගේ දෘෂ්ටිවාදයෙන් එලිපිටම පිලිවෙත් උපුටා ගනී. ඔහු, චීනයට එරෙහි යුද්ධ සූදානම ඉහල දමන ගමන්ම, රටේ පවතින නීති සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මහා පරිමානයෙන් සංක්‍රමනිකයන් පිටුවහල් කිරීම, අත්‍යවශ්‍ය සේවා කප්පාදු කිරීම, ලක්ෂ ගනන් රජයේ සේවකයන් රැකියාවලින් දොට්ට දැමීම, සහ ගෝලීය වෙලඳ යුද්ධයක් දියත් කිරීම සිදු කරයි.
න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඉන්දියාව සහ පකිස්තානය අතර දැන් පවතින ගැටුම, දෙපැත්තේ සහායට එක්සත් ජනපදය සහ චීනය සම්බන්ධ වන යුද්ධයක අනතුර විශාල වශයෙන් ඉහල දමා ඇත. ඉන්දීය අගමැති නරේන්දු මෝදි, අප්‍රේල් 22 දින, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තානයට තහවුරු කර නැති චෝදනා එල්ල කල අතර යුද්ධමය ක්‍රියාවක් වන ඉන්දු ගඟේ ජලය කපා හැරීමද කරන බවට තර්ජනය කලේය.
දැනට දිග හැරෙමින් පවතින ගැටුම, සමාජවාදය මත පදනම් වූ යුද විරෝධී ව්‍යාපාරයක් වටා සමස්‌ත දකුනු ආසියාවේම කම්කරුවන්, ඔවුන්ගේ ලොව පුරා සිටින සෙසු පංති සහෝදර සහෝදරියන් සමග එක්සත් කිරීමේ හදිසි අවශ්‍යතාව අවධාරනය කරයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව වන සසපය, සටන් කරන්නේ එම ක්‍රියාමාර්ගය සඳහායි.
මෝදි පසුගිය මාසයේ ශ්‍රි ලංකාවට පැමිනි අවස්ථාවේදී ඔහු දිසානායක සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් පිලිබඳ කටයුතු අවසාන කලේය. යුද ගිවිසුම චීනයට එරෙහිව එල්ල කරන ලද එකක් වන අතර, ඒකාබද්ධ යුද අභ්‍යාස, බුද්ධි තොරතුරු බෙදා හදා ගැනීම, යුද පුහුනුව, ආයතනික ධාරිතා වර්ධනය සහ ඉහල මට්ටමේ යුදමය හුවමාරු කර ගැනීම් ඊට අඩංගුය. දිසානායක ඔහුගේ පූර්වගාමික, කුප්‍රකට ඇමරිකානු හෙංචයියා වූ රනිල් වික්‍රමසිංහ මෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සැලසුම් තුලට ඉන්දියාව සමග ශ්‍රී ලංකාව අන්තර්ග්‍රහනය කරමින් සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, තමන්ගේ කර්කෂ කප්පාදු නියෝගයන් ක්‍රියාවට නැංවීම ගැන දිසානායකට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මස් රාත්තලම ඉල්ලන නිසා තව බොහෝ දේ පසුවටය. ඒවා නම් වශයෙන් කිවහොත්, ලංකා විදුලි බල මන්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම, රජය සතු ව්‍යවසායයන් පුද්ගලීකරනය කඩිනමින් කිරීම සහ ඇමරිකානු ඩොලර් බිලියන 3 ක නයෙහි ඊලඟ වාරිකය ලබා ගැනීම සඳහා කල යුතු 2022 දී ගෙවීම පැහැර හරින ලද නය ප්‍රතිව්‍යුහගත කිරීම ආදිය මීට අයත් ය.
වැඩ කරන ජනතාව දැනටම සිටින්නේ විඳවමිනි. රජයේ සංඛ්‍යා දත්ත වලට අනුව එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වීම සඳහා උවමනා අවම වියදම 2019 සිට 2025 පෙබරවාරි දක්වා සියයට 134 කින් වැඩිවී තිබේ. ආදායම් මට්ටම් එකතැන පල් වෙමින් පවතින අතර වයස අවුරුදු 15-24 අතර වයස් කාන්ඩයේ රැකියා විරහිත බව සියයට 26 ට ලංවන තරමට වැඩි වී තිබේ. මෑත කාලීන ලෝක බැංකු වාර්තාවකට අනුව, ජනගහනයෙන් තුනෙන් එකක්ම ජීවත් වන්නේ නිරන්තර දුෂ්පෝෂනයට මුහුන දෙමින් දරිද්‍රතා රේඛාවට පහලිනි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වූයේ 1948 නිදහස ලැබුනුදා සිට, රට පාලනය කල, වැඩකරන ජනතාවගේ සමාජමය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැඹුරටම කප්පාදු කල සම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි තිබූ පුලුල් ජනතා කෝපය ගසාකමිනි. එහෙත් බලයට පත්වීමෙන් පසු, දිසානායක, කම්කරුවන් සහ ගම්බදව ජීවත් වන කය වෙහසවන්නන් ගේ ජීවන තත්වය උසස් කරන බවට තමන් දී තිබූ පොරොන්දු අතහැර දමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් සියල්ල අකුරටම ක්‍රියාත්මක කරන්නට ශපථ කලේය.
වික්‍රමසිංහ සහ දිසානායක ආන්ඩු දෙක යටතේම කම්කරු අරගල යටපත් කිරීම හා කඩාකප්පල් කිරීම සිදු කල වෘත්තීය සමිතිද මෙම සමාජ ව්‍යසනයට වගකිව යුතුය. ජාමූඅරමුදලේ න්‍යාය පත්‍රය සමග එකඟ වන සමිති නිලධරය, විරෝධතා සහ වර්ජන, ආන්ඩුවට කරන නිශ්ඵල ආයාචනාවන්ට සීමා කර ඇත්තේ ඒවා විසුරුවා හැරීමේ මාර්ගයක් ලෙසය.
සමාජවාදී සමානතා පක්ෂය, ධනපති පක්ෂ හෝ ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිතිවල සිටින ඔවුන්ගේ ක්ෂාමාලාපකයන් කිසිවෙක්ම විශ්වාස නොකරන ලෙසට අනතුරු අඟවා සිටී. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ආන්ඩුවට පීඩනය දැමීමෙන් එය වමට සහ “නිවැරදි මාර්ගයට” ගැනීමට කම්කරු පන්තියට හැකි බව ප්‍රකාශ කරයි. සිදුවී ඇත්තේ එහි ප්‍රතිවිරුද්ධයයි. ජවිපෙ හා ජාජබ, කම්කරුවන්ගේ ඕනෑම ප්‍රතිරෝධයක් නිර්දයව මර්දනය කර සමාජ අර්බුදය තීව්‍ර කර තිබේ.
කම්කරු පන්තිය, තම නියෝජිතයන්ගේ ප්‍රතිගාමී පිලිවෙත් නිසා ඇති වී තිබෙන ධනපති යුද්ධයේ ම්ලේච්ඡත්වයට හා කප්පාදුවට එරෙහිව, තමන්ගේම ස්වාධීන ශක්තිය මත විශ්වාසය තබා සමාජවාදී විකල්පයක් සඳහා සටන් කල යුතු වේ.
තමන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට සෑම වැඩපලක් තුලමත් සෑම නේවාසික ප්‍රදේශයකමත් ප්‍රජාතන්ත්‍රීය ලෙස පත්කර ගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස සසපය කම්කරුවන් හා ගම්බද දුගී ජනයාගෙන් ඉල්ලා සිටී. ඒ සඳහා අපේ සම්පූර්න දේශපාලන සහයෝගය ලබා දෙන බවට අපි ශපථ කරමු.
කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ හා ගම්බද ජනයා ඒකරාශි කිරීමේ මාර්ගයක් හැටියට, එම ක්‍රියාකාරී කමිටු වලින් පත්කර එවන නියෝජිතයන්ගෙන් සැදි කම්කරු හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සම්මේලනයක් කැඳවීමේ අරගලය අපි දෙගුන කරන්නෙමු. වැඩකරන මිනිසුන්ට තම පන්ති අවශ්‍යතා රැකගත හැකි වන්නේ ධනපති පාලනය පෙරලා දමා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරු ගොවි ආන්ඩුවක් පිහිටුවීමෙන් පමනකි.
අපේ ක්‍රියාමාර්ගයේ මුල්ගල නොහොත් ප්‍රධාන ප්‍රතිෂ්ඨාව ජාත්‍යන්තරවාදයයි. කම්කරුවන් සිංහල ස්වෝත්තමවාදය හා දෙමල බෙදුම්වාදය ඇතුලු ජාතිකවාදයේ, වර්ගභේදවාදයේ සියලු ස්වරූපයන්ට විරුද්ධව සටන් කොට ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්සත් විය යුතුය. කොල්ලකාරී ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව ඒකාග්‍ර අරගලයයක් කිරීමේ මාර්ගයක් ලෙස ලංකාවේ කම්කරුවන් තමන්ගේ වැඩපොලවල්වල ක්‍රියාකාරී කමිටුවලට බැඳී ගෝලීය ක්‍රියාකාරී කමිටු සංධානය හා එක්විය යුතුවේ.
කරෙයිනගර් හා කොලොන්නාවේ අපේ මැතිවරන අපේක්ෂකයින්ට ඡන්දය දී සමාජවාදී විකල්පයකට ඔබේ සහයෝගය ප්‍රකාශ කරන ලෙස අපි කම්කරුවන් දුගීන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. අනෙක් පලාත්වල වෙනත් අපේක්ෂකයන් කිසිවෙකුට ඡන්දය දෙන ලෙස අප ඉල්ලා සිටින්නේ නැත.
අපට ඡන්දය දෙන සියලුදෙනාට ඊලඟ වැදගත් පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. අපේ ඉදිරි දර්ශනය සහ වැඩපිලිවෙල හදාරන්න. සමාජවාදී සමානතා පක්ෂයට බැඳී ඉදිරියේදී පැමිනෙන අරගල සඳහා සූදානම් වීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය හැටියට සසපය ගොඩනගන්න.
ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරුවන්, තරුනයන් සහ ගම්බද වැඩ කරන ජනයාගෙන්ද සමාජවාදයට නැඹුරු බුද්ධිමතුන්ගෙන් ද අපි තවත් විශේෂ ඉල්ලීමක් කරමු: හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කර ඇති ජාත්‍යන්තර මැයිදින ඔන්ලයින් රැලියට සහභාගි වන්න. එය ලංකාවේ සහ ඉන්දියාවේ වේලාවෙන් මැයි 4 වන ඉරිදා පාන්දර 12.30 ට ආරම්භ වේ.