කම්කරු මාවත ප්‍රකාශකයෝ

කම්කරු මාවත ප්‍රකාශකයෝ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශන ආයතනයයි.

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශන ආයතනය මේරිං ප්‍රකාශකයෝ වෙති. ඉංග්‍රීසි බසින් පල වූ පොත්පත් මේරිං අඩවියට පිවිසීමෙන් මිල දී ගත හැකි ය.

පාඨකයන්, පොත් ප්‍රදර්ශන සහ පොත් වෙලෙන්දන් තමන්ගේ විමසීම් 0773562327 දුරකථන අංකයට යොමු කරන්න. කූරියර් සේවාවක් හරහා පොත් නිවසට ම ගෙන්වා ගැනීමට ද කටයුතු සලස්වා ගත හැකි ය.

මෑත දී නිකුත් වූ කෘති

ලියොන් ට්‍රොට්ස්කි ගේ ප්‍රංශය කොයිබටද?

පවතින ධනේශ්වර පාලන තන්ත්‍රයන්ට එරෙහිව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ලොව පුරා පැන නැග ඇති හා පැතිර යමින් පවතින තතු යටතේ, 1930 ගනන් මැද--- ෆැසිස්ට්-බොනපාට්වාදී-රාජාන්ඩුවාදී කන්ඩායම මතුවූ 1934 පෙබරවාරි 6දා සිට, දැවැන්ත ජෙනරල් ස්ට්‍රයිකයේ 1936 මැයි-ජූනි දක්වා--ප්‍රංශයේ අර්බුදග්‍රස්ත දේශපාලන තත්වයට, ලියොන් ට්‍රොට්ස්කි කල අතිශය දීප්තිමත් මැදිහත්වීම් පිලිබඳ වාර්තාවක් වන “ප්‍රංශය කොයිබටද?” කෘතිය, සියලු වැඩකරන ජනතාවගේ සටන්වලට මගපෙන්වීමක් සම්පාදනය කරයි.

කම්කරු මාවත

කම්කරු මාවත නවතම ප්‍රකාශනය: ප්‍රතිසංස්කෘතියක ඇරඹුම කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පොත ප්‍රතිගාමී අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරයි

මෙම පුස්තිකාව කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වාර්ෂික​ව නවක සිසුන් වෙත බෙදා හරි​න ප්‍රතිසංස්කෘතියක ඇරඹුම කෘති​යේ 2024 වසරේ සංස්කරනය සම්බන්ධයෙන් මාක්ස්වාදී විග්‍රහය​කි.

කම්කරු මාවත

විචාරාත්මක වර්ග න්‍යායයට එදිරි ව මාක්ස්වාදය: මේරිං බුක්ස් ප්‍රකාශකයින්ගේ නව පොත් පිංචක හැඳින්වීම

මෙහි පලවන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නව ප්‍රකාශනයක කතුවරයාගේ හැඳින්වීමයි. එය දැන් මේරිං ප්‍රකාශකයින්ගෙන් ලබා ගත හැකි ය. මෙම ප්‍රකාශනය තුල අඩංගුවන්නේ ටොම් කාටර්ගේ “විචාරාත්මක වර්ග න්‍යායයේ දෘෂ්ටිවාදාත්මක පදනම්” නමැති දේශනය සහ අමතර රචනාවන් ය. ඒවා එක් ව ගත් කල මෙම කෘතිය, විචාරාත්මක වර්ග න්‍යායය සහ අනන්‍යතා දේශපාලන න්‍යායයන්ට වමෙන් කෙරෙන විවේචනයකි.

ටොම් කාටර්

කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක් - සුමනසිරි ලියනගේ

මාක්ස්වාදය විකෘත කිරීමේ ව්‍යාජ-වාම ප්‍රයත්නයක්

කාල් මාක්ස්ගේ කාර්යභාරය විකෘත කිරීමට ලියනගේට අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න මොහුගේ දශක ගනනක දේශපාලන පැටිකිරිය තුලින් මෙන්ම වත්මන් තියුනු ගෝලීය ආර්ථික-දේශපාලන අර්බුදය තුල ධනවාදයේ ශක්‍යතාවය ඔජ වැඩවීමේ ව්‍යාජ වමේ භූමිකාව තුලින් වටහා ගත යුතුය.

සමන් ගුනදාස
අපගේ ප්‍රකාශන
විමසීම්

කම්කරු මාවත ප්‍රකාශකයෝ

නො 716 1/1,
කෝට්ටේ පාර,
ඇතුල් කෝට්ටේ
කෝට්ටේ

දුරකථන:

0773562327