කම්කරු මාවත ප්‍රකාශකයෝ

කම්කරු මාවත ප්‍රකාශකයෝ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශන ආයතනයයි.

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශන ආයතනය මේරිං ප්‍රකාශකයෝ වෙති. ඉංග්‍රීසි බසින් පල වූ පොත්පත් මේරිං අඩවියට පිවිසීමෙන් මිල දී ගත හැකි ය.

පාඨකයන්, පොත් ප්‍රදර්ශන සහ පොත් වෙලෙන්දන් තමන්ගේ විමසීම් 0773562327 දුරකථන අංකයට යොමු කරන්න. කූරියර් සේවාවක් හරහා පොත් නිවසට ම ගෙන්වා ගැනීමට ද කටයුතු සලස්වා ගත හැකි ය.

මෑත දී නිකුත් වූ කෘති

මෙහ්රිං පොත් වෙතින් අභිනව ග්‍රන්ථයක්

කලාව සහ විප්ලවයේ ආනුභාව

සමාජවාදී ව්‍යාපාරය ද 1917 විප්ලවය තුලින් කුලුගැන්වුනු එම ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තියෙහි චින්තනය සහ ක්‍රියාකාරීත්වය ඉහල නැංවීමට ගෙනගිය අරගලය ද නොසලකා 20වැනි ශතවර්ශයේ සංස්කෘතික ජීවිතය පිලිබඳ බැරෑරුම් අවබෝධයක් ලබාගත නොහැකි ය.

ලියොන් ට්‍රොට්ස්කි ගේ ප්‍රංශය කොයිබටද?

පවතින ධනේශ්වර පාලන තන්ත්‍රයන්ට එරෙහිව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ලොව පුරා පැන නැග ඇති හා පැතිර යමින් පවතින තතු යටතේ, 1930 ගනන් මැද--- ෆැසිස්ට්-බොනපාට්වාදී-රාජාන්ඩුවාදී කන්ඩායම මතුවූ 1934 පෙබරවාරි 6දා සිට, දැවැන්ත ජෙනරල් ස්ට්‍රයිකයේ 1936 මැයි-ජූනි දක්වා--ප්‍රංශයේ අර්බුදග්‍රස්ත දේශපාලන තත්වයට, ලියොන් ට්‍රොට්ස්කි කල අතිශය දීප්තිමත් මැදිහත්වීම් පිලිබඳ වාර්තාවක් වන “ප්‍රංශය කොයිබටද?” කෘතිය, සියලු වැඩකරන ජනතාවගේ සටන්වලට මගපෙන්වීමක් සම්පාදනය කරයි.

කම්කරු මාවත

කම්කරු මාවත නවතම ප්‍රකාශනය: ප්‍රතිසංස්කෘතියක ඇරඹුම කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පොත ප්‍රතිගාමී අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරයි

මෙම පුස්තිකාව කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වාර්ෂික​ව නවක සිසුන් වෙත බෙදා හරි​න ප්‍රතිසංස්කෘතියක ඇරඹුම කෘති​යේ 2024 වසරේ සංස්කරනය සම්බන්ධයෙන් මාක්ස්වාදී විග්‍රහය​කි.

කම්කරු මාවත

විචාරාත්මක වර්ග න්‍යායයට එදිරි ව මාක්ස්වාදය: මේරිං බුක්ස් ප්‍රකාශකයින්ගේ නව පොත් පිංචක හැඳින්වීම

මෙහි පලවන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නව ප්‍රකාශනයක කතුවරයාගේ හැඳින්වීමයි. එය දැන් මේරිං ප්‍රකාශකයින්ගෙන් ලබා ගත හැකි ය. මෙම ප්‍රකාශනය තුල අඩංගුවන්නේ ටොම් කාටර්ගේ “විචාරාත්මක වර්ග න්‍යායයේ දෘෂ්ටිවාදාත්මක පදනම්” නමැති දේශනය සහ අමතර රචනාවන් ය. ඒවා එක් ව ගත් කල මෙම කෘතිය, විචාරාත්මක වර්ග න්‍යායය සහ අනන්‍යතා දේශපාලන න්‍යායයන්ට වමෙන් කෙරෙන විවේචනයකි.

ටොම් කාටර්
අපගේ ප්‍රකාශන
විමසීම්

කම්කරු මාවත ප්‍රකාශකයෝ

නො 716 1/1,
කෝට්ටේ පාර,
ඇතුල් කෝට්ටේ
කෝට්ටේ

දුරකථන:

0773562327