ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

දුම්රිය කම්කරුවෝ දහස් ගනනක් ආන්ඩුවේ තර්ජනය නොතකා දෙදින වැඩ වර්ජනයට සහභාගී වෙති

ආරක්ෂිත, දැරිය හැකි, අඛන්ඩ සේවාවක් සම්පාදනය කිරීම සඳහා දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයට යෝධ ආයෝජන යෙදවීම කම්කරුවන්ගේ ඉල්ලීම විය යුතු ය. එම ඉල්ලීම් දුම්රියත් සමස්ත ආර්ථිකයත් ලාභ පද්ධතියේ හස්තයෙන් මුදා ගෙන සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමට කරන අරගලයෙන් වෙන් කල නොහැක.

අපේ වාර්තාකරුවන්•

ට්‍රම්ප් සහ නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සමස්ත ලෝකයට ම තර්ජනය කරන විට, සෑම මහාද්වීපයක ම පන්ති අරගලය වර්ධනය වෙමින් පවතී

යුද්ධය උත්සන්න වීම, වෙලඳ ගැටුම් සහ මර්දනකාරී තර්ජන මධ්‍යයේ, ධනවාදී ජාතික රාජ්‍යයන්හි නියෝජිතයන් මේ සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රැස් ව සිටිය දී, කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයක් තුල තවත් ජාත්‍යන්තර බලවේගයක් තම පැවැත්ම තහවුරු කර ගනිමින් සිටියේය.

ටොම් හෝල්•

විශ්වවිද්‍යාලවල පරිහානියට එරෙහි ව ආචාර්යවරු උද්ඝෝෂනය කරති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු ගනනාවකට විසඳුම් ඉල්ලා ආචාර්යවරු උද්ඝෝෂනයේ යෙදෙති.

දේහින් වසන්ත•

ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙල කෙරෙහි වැඩෙන කම්කරු විරෝධය මධ්‍යයේ

දුම්රිය වැඩවර්ජනයට එක්වනු! අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනඟනු! සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරනු!

දුම්රිය සේවකයන් වන අප මෙම අරගලය වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ අතින් උදුරා අප අතට ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව•