ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

වරායේ ජවිපෙ වෘත්තීය සමිතියේ සම්මේලනය ආන්ඩුවේ අයිඑම්එෆ් ප්‍රහාරයන්ට කම්කරුවන් යටත් කිරීමේ වෑයමක්

“ජාතික ආර්ථිකය” ශක්තිමත් කිරීම යනු කම්කරුවන්ගේ වියදමින් ධනපතියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

විලානි පීරිස්

එක් සතියක් තුල ශ්‍රී ලංකාවේ කම්කරුවන් දෙදෙනෙක් කාර්මික අනතුරුවලින් මිය යති

සහෝදර කම්කරුවෙක් මෙසේ කීවේ ය: “අපි අසනීප ව සිටියත්, අපිට තුවාල සිදු වුනත්, යන්ත්‍රයකට හසු වී විජයකුමාර් මෙන් මිය ගියත්, ඔවුන්ට එය ගනනක් නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ, අපි මරවා මුදල් හම්බ කර ගැනීම යි.”

පානි විජේසිරිවර්ධන

ආන්ඩුව වෘත්තීය සමිති නායකයින්ගේ සහායෙන් විදුලිබල මන්ඩලය සමාගම්වලට බිඳ වෙන් කිරීම අරඹයි

ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ සටන, එම කප්පාදු වැඩපිලිවෙලට සම්පූර්නයෙන්ම සහාය දෙන වෘත්තීය සමිති නිලධරයන් යටතේ කල නොහැක. වෘත්තීය සමිති නායකයින් විසින් ලංවිම සේවකයින් පාවා දීම සියලුම කම්කරුවන්ට දැඩි අනතුරු ඇඟවීමකි.

විමල් පෙරේරා

ආන්ඩුව ඉල්ලීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැන ශිෂ්‍ය නායකයෝ අ⁣ඳෝනා නගති

අන්තර්-විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය, අධ්‍යාපනය වෙනුවෙන් සියයට 6 ක අයවැය ප්‍රතිපාදනයක් සඳහා වූ තම දිගුකාලීන ඉල්ලීම අඩකින් කපා ඒ වෙනුවට සියයට 3 ක ප්‍රතිපාදනයක් ඉල්ලා සිටී.

සකුන ජයවර්ධන