[මෙය Sri Lanka government’s 2026 budget intensifies IMF austerity මැයෙන්, 2025 නොවැම්බර් 13 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]
නොවැම්බර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2026 අයවැය, මහා ව්‍යාපාරිකයින්ට වැඩි සහන ලබා දෙන අතර කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාරය තව දුරටත් තීව්‍ර කිරීමක් සනිටුහන් කරයි.
පාර්ලිමේන්තු මැතිවරනයෙන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ජයග්‍රහනය කර වසරක් සම්පූර්න වන විට දිසානායක සිය දෙවන අයවැය ඉදිරිපත් කලේ ය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරනය 2024 නොවැම්බර් 14 වන දින පැවති අතර ඊට මාස දෙකකට පෙර දිසානායක ජනාධිපතිවරනය ජයග්‍රහනය කලේ ය.
ආන්ඩුවේ අයවැය දෙක ම (2025 සහ 2026) පෙන්නුම් කර ඇත්තේ එය සංගත ප්‍රභූවේ සහ ජාත්‍යන්තර මූල්‍යයේ මෙවලමක් බවයි.
මුදල් අමාත්‍ය තනතුර ද දරන දිසානායක සිය කතාව ආරම්භ කලේ “අප ආර්ථිකයේ අත්පත් කර ගන්නා ජයග්‍රහන රටේ පතුලේම වෙසෙන ජනතාව කරා ගෙන යාමට අඛන්ඩ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙන” බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමිනි.
යථාර්ථයේ දී, බදුකරනය සහ ආයෝජන ප්‍රතිපත්තියේ සිට රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම දක්වා සෑම ප්‍රධාන පියවරක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග දැඩි ලෙස අනුගමනය කරයි.
ශ්‍රී ලංකාව සඳහා වූ ජාමූඅ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ, ඔක්තෝබර් 9 වන දින, කොලඹ දී පැවසුවේ “ජාමූඅ විසින් ආන්ඩුවේ වියදම්වල ප්‍රමානය සහ ගුනාත්මකභාවය යන දෙකම අධීක්ෂනය කරනු ඇති” බවයි. ජාමුඅ විසින් ඇමරිකානු ඩොලර් මිලියන 347 ක් ලබා දීම සඳහා කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුමකට එලඹ තිබුනද, එය නිකුත් කරනු ලබන්නේ ලබන වසරේ අයවැය “වැඩසටහන් පරාමිතීන්ට අනුකූල” වීමේ කොන්දේසිය මත පමනක් බව ඔහු තවදුරටත් පැවසී ය. 2026 අයවැය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන තෙක් වාරිකය “අවිනිශ්චිත” වනු ඇත.
අයවැය කියවීමේ දී, දිසානායක තර්ජනාත්මක ලෙස පැවසුවේ රාජ්‍ය සේවකයින් “තවත් ඉල්ලා නොසිටිය යුතු” බවත් රැකියා විරහිතයන් වීදි විරෝධතා නොපැවැත්විය යුතු බවත් ය. සුභසාධන ප්‍රතිලාභ ලබන දුප්පතුන්ට ඔහු අනතුරු ඇඟවූයේ ආධාර “අව්‍යාජ” ලෙස ආධාර ඉල්ලන්නන්ට පමනක් සීමා කරන බවයි.
2026 අයවැය මඟින් රුපියල් ට්‍රිලියන 3.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 12) පමන හිඟයක් ඇති කරන අතර එය නව දේශීය හා විදේශීය නය ගැනීම් කරා යොමු වන විෂම නය චක්‍රය තහවුරු කරයි. 2026 සඳහා රජයේ මුලු වියදම රුපියල් ට්‍රිලියන 9 කට ආසන්න යැයි ඇස්තමේන්තු කර ඇති අතර ආදායම රුපියල් ට්‍රිලියන 5.3 ක් ලෙස පුරෝකථනය කර ඇත.
ප්‍රධාන වශයෙන් වක්‍ර බදු සහ සමාජ වියදම් කප්පාදුව හරහා ආන්ඩුව රුපියල් ට්‍රිලියන පහක් ආදායම රැස් කිරීමට අපේක්ෂා කරයි. මෙම වසර සඳහා බදු ආදායම 2024ට වඩා රුපියල් ට්‍රිලියන 1.2 කින් තියුනු ලෙස ඉහල යනු ඇති බවට දිසානායක පම්පෝරි ගැසුවේය. මෙම වැඩිවීමෙන් දල වශයෙන් සියයට 75 ක් එකතු කරනු ලබන්නේ, එකතු කල අගය මත බද්ද (වැට්) සහ පාරිභෝගිකයින්ට බලපාන අනෙකුත් වක්‍ර බදු මගිනි.
කම්කරුවන්ගෙන් සහ දුප්පතුන්ගෙන් ලබා ගන්නා සියලු ආදායම යෙදවෙන්නේ කුමක් සඳහාද යන්න අයවැයෙන් පෙන්නුම් කෙරේ. රාජ්‍ය වියදමෙන් රුපියල් ට්‍රිලියන 4.5 ක් නය සේවා සඳහා වෙන් කර ඇත. 2024 දී ඩොලර් මිලියන 1,674 ක් නය ගෙවා ඇති අතර 2025 සඳහා එම මුදල ඩොලර් මිලියන 2,435 කි. එයින් ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 487 ක් පමනක් බව දිසානායක පාර්ලිමේන්තුවට පැවසී ය.
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මධ්‍යයේ, 2022 දී පැවති ආන්ඩුව තම විදේශ නය පැහැර හැරීමක් ප්‍රකාශයට පත් කලේ ය. 2023 දී ජාමූඅ ඩොලර් බිලියන 3 ක ඇපකර නයක් අනුමත කල විට, 2028 දී ආපසු ගෙවීම් ආරම්භ වන තෙක් පූර්න නය සේවාකරනය කල් දැමීමට කොලඹ ආන්ඩුව පොරොන්දු විය.
සාමාන්‍ය ආනයන බදු සීමාව සියයට 20 සිට 30 දක්වා වැඩි කරනු ලබන අතර එමඟින් සමහර ඉලෙක්ට්‍රොනික භාන්ඩ, ප්ලාස්ටික් සහ රෙදිපිලි මිල ඉහල යනු ඇත.
මේ අතර, ඉන්ධන, විදුලිය සහ ආහාර ඇතුලු සියලුම භාන්ඩ හා සේවා පාහේ ආවරනය කෙරෙන වැට් බද්ද, දැන් රුපියල් මිලියන තුනක් තරම් අඩු මාසික පිරිවැටුමක් ඇති ව්‍යාපාර සඳහා ද අදාල කෙරෙන අතර, කුඩා වෙලඳුන් දහස් ගනනක් මෙම බදු ජාලයට ඇද දමමින් පාරිභෝගික මිල ගනන් තවදුරටත් ඉහලට තල්ලු කරයි.
අයවැයේ ප්‍රධාන අංගයක් වන්නේ රාජ්‍ය වියදම් දැඩි ලෙස අඩු කිරීමයි. රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්නයෙන්ම වසා දමන බවත්, තවත් ආයතන 57 ක් ඒකාබද්ධ කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ඈවර කිරීම සිදු කරන බවත් දිසානායක නැවත අවධාරනය කලේය. ආන්ඩුවේ සමස්ත සැලැස්ම රාජ්‍ය ව්‍යවසායන් 400 ක් පමන ප්‍රතිව්‍යුහගත කිරීමයි.
රාජ්‍ය වත්කම් පෞද්ගලීකරනය සහ වානිජකරනය වේගවත් කිරීම සඳහා ඉලක්ක කර රාජ්‍ය වානිජ ව්‍යාපාර කලමනාකරන පනත සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පනත වැනි නව නීති හඳුන්වා දීමට නියමිතය. ඊට අමතරව, “ව්‍යාපාර කිරීමේ පහසුව” සහතික කිරීම සඳහා 2026 මුල් භාගයේදී නව ආයෝජන ආරක්ෂන පනතක් හඳුන්වා දෙනු ඇත.
රාජ්‍ය වත්කම් කලමනාකරන පනත් කෙටුම්පතක් මගින් රජයේ ඉඩම් සඳහා මධ්‍යගත ඩිජිටල් දත්ත සමුදායක් නිර්මානය කරනු ඇති අතර ඉඩම් අත්පත් කර ගනිමින් වානිජමය ලෙස සූරා කෑමට එමඟින් මහා ව්‍යාපාර වලට ඉඩ ලැබේ.
තාක්ෂනික උද්‍යාන, ආයෝජක වීසා පටිපාටි සහ පාරිසරික හා සමාජීය රෙගුලාසි මඟ හැරීම සඳහා ආයෝජන අනුමත කිරීමේ “තනි කවුලුවක්” ආදිය ස්ථාපිත කිරීමත් සමඟ මෙම පියවරයන්, අසීමිත ප්‍රාග්ධන සූරාකෑම සඳහා පැහැදිලි තල්ලුවක් ලබා දෙනු ඇත.
පෙර පරිපාලනයන් මෙන්ම, දිසානායකගේ ආන්ඩුව කිසිදු වත්කම් බද්දක් හෝ ප්‍රාග්ධන ලාභ (ප්‍රාග්ධන වත්කමක් එහි මුල් පිරිවැයට වඩා වැඩි මුදලකට විකිනීමෙන් උපයන ලාභය-පරි) බද්දක් පැනවීමකින් වැලකී ඇති අතර ආයතනික බදු අනුපාතවලට අත නොතබමින්, ව්‍යාපාරික ප්‍රභූන් ආරක්ෂා කරමින්, බදු බර වැඩ කරන ජනතාව මත පටවයි.
මෙම පසුබිම තුල මහා ව්‍යාපාරික දේහය වන ලංකා වානිජ මන්ඩලයේ (සීසීසී) සභාපති ක්‍රිෂ් බාලේන්ද්‍ර අයවැයෙහි “මූල්‍ය විනය” පිලිබඳව ප්‍රශංසා කිරීම පුදුමයට කරුනක් නොවේ.
ජනාධිපතිගේ ආර්ථික උපදේශක සහ හිටපු සීසීසී සභාපති දුමින්ද හුලංගමුව පැවසුවේ ආන්ඩුව “වර්ධනයේ එන්ජිම ලෙස පෞද්ගලික අංශය ප්‍රතිෂ්ඨාපනය කර ඇති” බවයි. “බදු දිරිගැන්වීම්වල සිට ආයතනික ප්‍රතිසංස්කරන දක්වා අයවැයේ සෑම ප්‍රධාන සඳහනක්ම පාහේ පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිගැන්වීම කෙරෙහි යොමු කර ඇතැ”යි ඔහූ තව දුරටත් පැවසී ය.
ආන්ඩුව සුභසාධන සහ සේවා සඳහා ගැඹුරු කප්පාදුවක් පනවා ඇත. ජාමූඅ සහ ලෝක බැංකු නිලධාරීන්ගේ වචන හරියටම ප්‍රතිරාවය කරමින්, දුප්පත්ම අය සඳහා වන සොච්චම් ආධාර යෝජනා ක්‍රමයක් වන අස්වැසුම සහන වැඩසටහන “අව්‍යාජ අඩු ආදායම්ලාභීන්” පමනක් ඉලක්ක කර ගනිමින් ප්‍රතිසංස්කරනය කරන බව දිසානායක නිවේදනය කලේ ය.
සුභසාධන ප්‍රතිලාභ ලබන දුප්පතුන් කෙරෙහි ආන්ඩුවේ අවඥා සහගත ආකල්පය ප්‍රදර්ශනය කරමින්, අයවැයට දිනකට පෙර පැවති ප්‍රසිද්ධ උත්සවයක දී ජවිපෙ නායකයෙකු සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෙසේ පැවසීය: “අස්වැසුම ලැබීම ගැන සමාජය ලැජ්ජා විය යුතුයි. එය නීත්‍යානුකූලව හිඟාකෑමක් වැනිය. අපි බලයේ සිටින ඕනෑම ආන්ඩුවකින් මුදල් ලබා ගනිමු.”
ඔහු මෙම දුෂ්ට ප්‍රකාශය කලේ ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති පරිදි ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 22 ක් දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන අතර තවත් සියයට 10 ක් ඊට යන්තම් ඉහලින් ජීවත් වන තතු තුලය. ජනගහනයෙන් අඩකට වඩා ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දෙයි.
2022 සිට රාජ්‍ය අංශයේ මූර්ත වැටුප් සියයට 24 කින් සහ පෞද්ගලික අංශයේ සියයට 14 කින් පහත වැටී ඇත. පසුගිය වසර දෙක තුල පමනක් කප්පාදු පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 3.9 ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇති බව ලෝක බැංකුව පැවසීය.
විශ්වවිද්‍යාල සිසුන්ගේ දීමනාව මසකට රුපියල් 10,000 දක්වා වැඩි කරන ලද නමුත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ රුපියල් 15,000 දක්වා වැඩි කිරීමකි.
මහජන සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ බිඳ වැටීමේ අද්දර සිටිය ද, ප්‍රතිපාදන පිලිවෙලින් රුපියල් බිලියන 301 ක් සහ රුපියල් බිලියන 516 ක් වූ අතර එය රුපියල් බිලියන 29 ක සහ රුපියල් බිලියන 40 ක සුලු වැඩිවීමක් පමනි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් රුපියල් 400 කින් වැඩි කරන බවත්, මෙම සොච්චම් වැඩිවීමෙන් අඩක් සමාගම් වෙනුවෙන් ආන්ඩුව දරනු ලබන බවත් දිසානායක නිවේදනය කලේ ය. මෙම සොච්චම් “වැඩිවීම” පවා යතාර්ථයක් වනු ඇතැයි යන්න සැක සහිතය.
නීතිය ක්‍රියාත්මක කිරීමේ, ආදායම් එකතු කිරීමේ සහ තාක්ෂනික අංශවලට ප්‍රධාන වශයෙන් නව රාජ්‍ය සේවකයින් 75,000 ක් බඳවා ගැනීමේ සැලසුම් ද ඔහු නිවේදනය කලේය. කුසලතා පදනම මත බඳවා ගැනීම් සිදුවන බව පවසමින්, විරෝධතා දක්වන රැකියා විරහිත තරුනයින්ට ඔවුන්ගේ ක්‍රියාමාර්ග නවතා “ගෙදර ගොස් බඳවා ගැනීමේ විභාග සඳහා ඉගෙන ගන්නා ලෙස” ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.
පැය හතරකට අධික ඔහුගේ අයවැය කතාව මහජන කෝපය කෙරේ එල්ල කලේ විවෘත පිලිකුලකි. රාජ්‍ය අංශය සඳහා පසුගිය අයවැයෙන් ප්‍රකාශයට පත් කල දෙවන අදියරේ මාසික වැටුප් වැඩිවීම ජනාධිපතිවරයා නිවේදනය කලේය. එය දින දෙකක වියදම් සඳහා පවා ප්‍රමානවත් නොවන රුපියල් 2750කි.
නමුත් ජවිපෙ/ජාජබ නායකයා රාජ්‍ය අංශයේ සේවකයින්ට තර්ජනය කලේය: “තවත් දීමනා ඉල්ලන්න එපා - ආන්ඩුවට අරමුදල් නැහැ. වීදිවල සිටගෙන සිටීම වෙනුවට ගෙදර යන්න; වීදිවල සිටගෙන සිටීමෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නෑ, මන්ද මෙය ආන්ඩුවේ ප්‍රතිපත්තියයි.”
රාජ්‍ය සේවකයින්ට, රැකියා විරහිතයින්ට සහ සුභසාධන ලබන්නන්ට දිසානායක කරන තර්ජනවලින් අවධාරනය වන්නේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ඕනෑම විරුද්ධත්වයක් කුරිරු ලෙස මර්දනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිර්දය ලෙස ක්‍රියාත්මක කරන බවයි.
අගෝස්තු මාසයේ දී තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනයක් මැඩපැවැත්වීම සඳහා හමුදාව යොදවන ලද අතර, සැප්තැම්බර් මාසයේ දී ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය මහජන සේවා පනත ක්‍රියාත්මක කරමින් විදුලිබල මන්ඩලය පෞද්ගලීකරනය කිරීමට විරුද්ධ වන සේවකයින්ට තර්ජනය කලේ ය.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂය, ජාමුඅ වැඩසටහනට සහාය දක්වන බැවින්, පාර්ලිමේන්තුවේ සහ මාධ්‍ය තුල අයවැය පිලිබඳව සංකේතාත්මක විවේචන පමනක් ඉදිරිපත් කලහ.
ජනතා විමුක්ති පෙරමුනේ සහ අනෙකුත් වෘත්තීය සමිතිවල නිලධරයන් ජාමූඅ වැඩසටහනට සහාය දක්වන අතර හිතාමතාම කම්කරුවන්ගේ සටන් ක්‍රියාමාර්ග දිය කර හරියි.
කෙසේ වෙතත්, මතුපිටට යටින් මහජන කෝපය වර්ධනය වෙමින් පවතී. නොවැම්බර් 10 වන දින, ගම්බද ප්‍රදේශ ගනනාවක ගොවීන් තම ගැටලු සඳහා කිසිදු සහනයක් ලබා නොදීම සම්බන්ධයෙන් අයවැය හෙලා දුටු අතර ඔවුන්ගේ විරෝධතා දිගටම කරගෙන යන බවට සපථ කලහ. ඉටු නොවූ ඉල්ලීම් සම්බන්ධයෙන් අයවැය දිනයේ දී විශ්‍රාමික ගුරුවරු ද විරෝධතා දැක්වූහ.
ගැඹුරු වන ගෝලීය අර්බුදය මධ්‍යයේ, ජාත්‍යන්තර නය හිමියන් ආරක්ෂා කිරීම සඳහා පසුගිය දශකය තුල බොහෝ රටවල ජාමූඅ මැදිහත් වී ඇත. මෑත මාසවල දී, කෙන්යාව, සිම්බාබ්වේ සහ පකිස්ථානය වැනි රටවල කුරිරු කප්පාදු වැඩසටහන් වලට එරෙහිව මහා වැඩවර්ජන සහ තරුන විරෝධතා පුපුරා ගොස් ඇත.
ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩසටහන පරාජය කිරීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් සහ දුගීන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලු ධනේශ්වර පක්ෂවලින් බිඳී ඔවුන්ගේ ස්වාධීන දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගන්වන ලෙසයි. ඒ සඳහා, වෘත්තීය සමිති නිලධාරීන්ට හෝ ධනවාදී පක්ෂවලට ඉඩදී බලා නොසිට, සේවා ස්ථානවල සහ ග්‍රාමීය ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය.
ශ්‍රී ලාංකික කම්කරුවන්, කප්පාදු පියවර, වැටුප් කප්පාදු, රැකියා අහිමිවීම් සහ සමාජ අසමානතාවයට එරෙහිව සටන් කරන දියුනු රටවල සිටින කම්කරුවන්ද ඇතුලුව ජාතයන්තර කම්කරුවන් සමඟ එක්සත් විය යුතුය.
අරමුන විය යුතුතේ, බහුතර අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා, විදේශ නය ප්‍රතික්ෂේප කිරීමද ප්‍රධාන කර්මාන්ත සහ බැංකුවල සාමූහික අයිතිය ස්ථාපිත කිරීමද ඉලක්ක කර ගනිමින් සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩසටහනක් ඉදිරියට ගෙන ඒ්මට කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි .
