ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඕනෑම රටක සිට පැමිනෙන පර්යේෂන යාත්‍රා සඳහා මාස 12ක තහනමක් කොලඹ ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ ඇමති අලි සබ්රි ඩේලි මිරර් (දෙසැම්බර් 19) වෙත පැවසීය.
ෂොං යොං හොං 3 (Xiang Yang Hong 3) නෞකාව ලබන වසරේ ජනවාරි මාසයේදී පර්යේෂන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වරායක නැව්ගත කිරීමට ඉඩ දෙන ලෙස චීනය කල ඉල්ලීමෙන් පසුව මෙම තීරනය ප්‍රකාශයට පත් කරන ලදී. එය ඕනෑම රටකට අදාල වන බව සබ්රි පැවසුවද, එය (වානිජ යාත්‍රා නොවන) චීන නැව් තහනම් කිරීමකි.
එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ පීඩනය යටතේ ගනු ලැබූ කොලඹ ආන්ඩුවේ මෙම තීරනය පෙන්නුම් කරනුයේ, කලාපය තුල චීනය සමග මිලිටරි ගැටුමක් සඳහා වොෂින්ටනයේ වැඩෙන සූදානම ය. කොලඹ ආන්ඩුවේ තීරනය පෙන්නුම් කරන්නේ ඉන්දියන් සාගරයේ පිහිටි මෙම කුඩා දිවයින, එක් පැත්තකින් වොෂින්ටනය සහ නවදිල්ලිය ද සහ අනෙක් පසින් බීජීනය ද අතර භූ දේශපාලනික ආතතීන්ගේ කේනද්‍රයක් වී ඇති ආකාරයයි.
සාගර විද්‍යා සමීක්ෂන සහ පර්යේෂන අධ්‍යයනයන්හි නිරත වන මීටර් 99.6ක් දිග මෙම ෂොං යොං හොං 3 නෞකාවෙහි හිමිකරු වන්නේ චීන ස්වභාවික සම්පත් තෙවන සාගර විද්‍යා ආයතනයයි. ලබන වසරේ ජනවාරි 5 සිට පෙබරවාරි 20 දක්වා, දිවයිනේ විශේෂිත ආර්ථික කලාපය තුල පර්යේෂන සහ සමීක්ෂන සිදු කිරීමට නියමිත විය.
යොං හොං 3 ශ්‍රී ලංකාවට පැමිනි පලමු අවස්ථාව මෙය නොවේ. 2017 දෙසැම්බර් 13දා, දින දහඅටක සංචාරයක් සඳහා එය කොලඹ සහ ත්‍රිකුනාමල වරායට පැමිනෙන ලදි. 2019 දෙසැම්බර් 22 වන දින, එය නැවතත් දිවයිනට පැමින, 2020 ජනවාරි 5 දක්වා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටියේය.
එක්සත් ජනපද-ඉන්දියා පීඩනයට යටත් වීම වසන් කිරීමේ මංමුලා ගත උත්සාහයක් ලෙස, සබ්රි ඩේලි මිරර් වෙත පැවසුවේ, 'අපට සමාන හවුල්කරුවන් ලෙස එවැනි පර්යේෂන ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට හැකි වන පරිදි යම් ධාරිතා වර්ධනයක් සිදු කිරීම සඳහා' එම තහනම පැනවූ බවයි.
නව දිල්ලිය, දකුනු ආසියාවේ පිහිටි රටවල් සම්බන්ධයෙන් අවඥාසහතව සලකනු ලබන්නේ තම සම්ප්‍රදායික බලපෑම් ක්ෂේත්‍රය හෝ එහි පිලිකන්න ලෙස යි. කලාපය තුල වර්ධනය වන චීන බලපෑම පිලිබඳව එය බෙහෙවින් සැලකිලිමත් ය.
පසුගියදා පැවති මාලදිවයින් ජනපතිවරනයේදී, ඉන්දීය හිතවාදී ජනාධිපති ඊබ්‍රහිම් සෝලහ් පරදවා, චීන හිතවාදී මොහොමඩ් මුයිසු බලයට පත් විය. ඉන්දියානු හමුදා ගැන හඟවමින්, මුයිසු ඉල්ලා සිටින්නේ 'විදේශීය ආරක්ෂක හමුදා' දූපත් සමූහයෙන් ඉවත් කල යුතු බවයි. මෙම කොන්දේසි යටතේ මාලදිවයිනට ආසන්නව පිහිටි ශ්‍රී ලංකාව අහිමි කර ගැනීමට නවදිල්ලියට හැකියාවක් නැත.
චීනය සමඟ සබඳතා නවතා දමන ලෙස, එක්සත් ජනපදය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් දැඩිලෙස ඉල්ලා තිබේ. චීන පර්යේෂන නෞකාවක් වන ෂී යැන් 6 (Shi Yan 6) ඔක්තෝබර් හි මෙරට නැංගූරම් ලෑමට වොෂින්ටනය සහ නවදිල්ලිය දැඩි ලෙස විරුද්ධ වූයේ එය 'ඔත්තු නෞකාවක්' ලෙස හඳුන්වමිනි.
යුවාන් වංග් 5 අවසරය ඉල්ලා සිටි විට, ඉන්දියාව සහ එක්සත් ජනපදය ශ්‍රී ලංකා නිලධාරීන් වෙත මීට සමාන උත්සුකයන් මතුකල බැවින් අවසර ලබා දීම කල් දැමීමට බල කෙරුනි. ඉන්දියානු වෙබ් අඩවියක් වන වියෝන් දෙසැම්බර් 19 දා සඳහන් කලේ, මෙය 'චීනයට සැලකිය යුතු උපායමාර්ගික සහ රාජ්‍ය තාන්ත්‍රික පහරක්' බවයි.
චීන-ගැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැර, ඇමරිකානු ඒජන්තයකු වන රනිල් වික්‍රමසිංහගේ උදව්ව සහිතව, එක්සත් ජනපද ගැති මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කිරීම සඳහා 2015 ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ වොෂින්ටනයේ මෙහෙයුමට, නව දිල්ලි ය පිටුබලය ලබා දෙන ලදි.
ඉන්දියාව දැන් ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයා, ආර්ථික සහකරු සහ නව සංචාරකයින්ගේ මූලාශ්‍රය වේ. නික්ම යන ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඩේලි මිරර් (දෙසැම්බර් 18) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ 'ශ්‍රී ලංකාව සුරක්ෂිත වූ විට ඉන්දියාව සුරක්ෂිතයි' සහ 'ඉන්දියානු-ශ්‍රී ලංකා සබඳතා නව මට්ටමකට නැඟීමට සුදානම් වන බව හැඟීමෙන් ඔහු ශ්‍රී ලංකාව හැර යන බවයි”.
ශ්‍රී ලංකාවේ වසර තුනහමාරක සේවා කාලය අවසන් වීමෙන් පසු බැග්ලි පැවසුවේ දෙරට අතර සබඳතා “සහෝදරාත්මක” බවයි. හවුල් ඉතිහාසය සහ උරුමය ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු අවධාරනය කලේ දෙරටටම “පොදු ඉරනමකින් බැඳී ඇති” බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය මූල්‍ය ඇපකර සැපයූ පලමු රට ශ්‍රී ලංකාව බවත්, ඉන්දියාවේ නිෂ්පාදිත කෝවිඩ්-19 එන්නත් ප්‍රථම නැව්ගත කෙරුනේ එරටට බවත්, එහි ජනතාවට, නරකම ආර්ථික පසුබෑමේදී ඉන්ධන, පොහොර සහ ආහාර සඳහා එජ ඩොලර් බිලියන 4කට වඩා පෙර නොවූ විරූ සහයෝගයක් ලබා දුන් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
මෙම ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලනික වශයෙන් නවදිල්ලියට බැඳී ඇති බව සහතික කරමින්, ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට චීනයට ඇති ඕනෑම හැකියාවක් බැහැර කරමින්, එක්සත් ජනපදයේ සහාය ඇතිව, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඉහල ප්‍රමුඛතාවයයි. ඔවුන් පසුගිය වසරේ අර්බුදකාරී තත්ත්වයෙන් ලබාදුන් අවස්ථාව උපයෝගී කරගනිමින් චීනය පසෙකට තල්ලු කර ශ්‍රී ලංකාව ඉන්දියාව මත වඩාත් යැපෙන අයුරින් ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ඉතා ක්‍රියාශීලීව මැදිහත් විය.
ඉන්දියාවේ ප්‍රති-නැව්ගත කරන භාන්ඩ ප්‍රමානයෙන් සියයට 45ක් පමන හසුරුවන ශ්‍රී ලංකාවේ කොලඹ වරාය, ඉන්දියාවේ ප්‍රධාන ප්‍රති-නැව්ගත කිරීමේ මධ්‍යස්ථානය වේ. කොලඹ වරායේ ගැඹුරු-ජල බටහිර ජාත්‍යන්තර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහය විසින් ඇමරිකානු රජයට අනුබද්ධ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ හවුල්කාරිත්වයෙන් ඩොලර් මිලියන 700 ක ඇස්තමේන්තුගත වියදමින් ඉදිකරනු ලබන අතර, එය ඩොලර් මිලියන 500ක චීනය පාලනය කරන බහාලුම් පර්යන්තය අසල පිහිටා ඇත.
මෙම වර්ධනය සහ ත්‍රිකුනාමලය සම්බන්ධිත ගිවිසුම් මෙන්ම ඉන්දියාව සහ යාපනය අතර සමීප සම්බන්ධතා, යන මෙම සියල්ලේ අරමුන, ඉන්දියාවට සහ අනිවාර්යයෙන්ම එක්සත් ජනපදයට මෙම පහසුකම් විවෘත කිරීම යි.
වොෂින්ටනයේ පිටුබලය ඇතිව, නව දිල්ලියට අවශ්‍ය වන්නේ, කොලඹ ආන්ඩුව මුලුමනින්ම එහි මූලෝපායික අවශ්‍යතාවය තුලට ගෙන ඒමයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ යටිතල පහසුකම් සමඟ ඉක්මනින් ඒකාබද්ධ කිරීම සඳහා සැලැස්මක් සහ රාමුවක් සංවර්ධනය කිරීමේ අරමුනින් පාත්ෆයින්ඩර් පදනම (පීඑෆ්) විසින් පර්යේෂන කන්ඩායමක් එක්රැස් කර ඇත.
ඩේලි එෆ්ටී දෙසැම්බර් 20දා වාර්තා කලේ මෙසේය: “පීඑෆ් අධ්‍යයන කන්ඩායම් සැලැස්ම සහ රාමුව, ඉඩම්, දුම්රිය, වරාය සහ නාවික, ගුවන් තොටුපල සහ ගුවන් සේවා, විදුලිය, බලශක්තිය සහ තෙල්, විදුලි සංදේශ, සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් සම්බන්ධතාවය සඳහා ප්‍රධාන අවශ්‍යතා සංකල්පීයව ඉදිරිපත් කරනු ඇත. එය වේගවත් ආර්ථික ඒකාබද්ධතාවයකට පහසුකම් සපයන අනෙකුත් අවශ්‍යතා ද හඳුනාගනු ඇත.'
2008 දී පීඑෆ් පිහිටුවන ලද්දේ එක්සත් ජනපද ගැති, ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ විසිනි. මොරගොඩ විසින් කරන ලද ආයාචනයකට පිලිතුරක් ලෙස සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) එවකට ප්‍රධාන ලේකම් විජේ ඩයස් 2004 මාර්තුවේ පිලිතුරු දුන්නේ ය, “විශේෂයෙන් එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ් ද ඇතුලුව පැවැත්වූ රැස්වීම් ගනනාවක් හරහා, ඔබ වොෂින්ටනයේ පරිපාලනය සමග සමීප දේශපාලන හා මිලිටරි සබඳතා තහවුරු කිරීම සඳහා යූඑන්එෆ් ආන්ඩුව වෙනුවෙන් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියා කර ඇත.' මෙය පීඑෆ් හි වත්මන් ආරම්භකත්වය පිටුපස ඇති වොෂින්ටනයේ අදෘශ්‍යමාන හස්තය පෙන්නුම් කරයි.
මෙම යටිකූට්ටු වැඩවල අරමුන ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ හින්දුත්වා දක්ෂිනාංශික අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කරන ලද 'ඒකාබද්ධ දැක්ම' ගිවිසුම ක්‍රියාවට නැංවීමට මගක් සෙවීමයි.
එයට දකුනු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නල මාර්ගයක් ඉදිකිරීම; සූර්ය බලශක්ති ව්යාපෘතියක්; ද්‍රවීකෘත ස්වභාවික වායු යටිතල පහසුකම්; සහ ඉහල ධාරිතාවකින් යුත් විදුලි බල ජාල සම්බන්ධකයක් ඇතුලත් වේ. ශ්‍රී ලංකාවේ උතුරේ කන්කසන්තුරේ ඉදිකිරීමට නියමිත වරාය පහසුකම් සමඟින්, නැගෙනහිරින් පිහිටි ත්‍රිකුනාමලය වරාය, සැපයුම් පහසුකම් සහිත කාර්මික මධ්‍යස්ථානයක් ලෙස ද සංවර්ධනය කෙරේ.
මෙම මාසය, දෙරට අතර ඉහල ක්‍රියාකාරකම් පෙන්නුම් කරයි. මිලිටරි-මිලිටරි සබඳතා ශක්තිමත් කිරීමේ කොටසක් ලෙස, දෙසැම්බර් 9 වන දින, ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, දෙහ්රාඩුන් හි ඉන්දීය හමුදා ඇකඩමියේ විසිර යාමේ පෙලපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් බහුපාක්ෂික කන්ඩායමකට, දෙසැම්බර් 16 සිට දෙසැම්බර් 20 දක්වා ඉන්දියාවේ සංචාරයක යෙදෙන ලෙස ආරාධනා ලැබී ඇත.
පර්යේෂන නැව් තහනම් කිරීම ඉන්දියාවට-එක්සත් ජනපදයට විශාල වාසියක් වන අතර චීනයට පසුබෑමකි. දෙරටේම අරමුන වන්නේ චීනය වැටලීමේ සහ නාවික මාර්ග අවහිර කිරීමේ අනාගත ප්‍රහාරක මෙහෙයුම් සඳහා පදනමක් ලෙස ශ්‍රී ලංකාව 'සංවර්ධනය' කිරීමයි. කෙසේ වෙතත්, බීජිනය එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතා ඉතා හොඳින් දන්නා බැවින් එහි ප්‍රතිපියවර තීව්‍ර කරනු ඇත.
පසුගිය මාසයේදී මන්ත්‍රී ෂෙන් යීකින්, ඔහුගේ විශේෂ නියෝජිතයා ලෙස චීන ජනාධිපති ෂී ජින් පින් විසින් ශ්‍රී ලංකාවට තෙදින සංචාරයක් සඳහා එවන ලදී.
එක්සත් ජනපදය සහ එහි සහචරයින්, යුක්රේනයේ රුසියාවට එරෙහි ලේ වැකි යුද්ධයක් දියත් කරමින් සිටිති. ඔවුන් ඊශ්‍රායල සියොන්වාදී රාජ්‍යය විසින් ගෙන යන ගාසා තීරයේ සංහාරය මුලුමනින්ම අනුමත කරන අතර, ඉරානය සමග පුලුල් මිලිටරි ගැටුමකට සූදානම් වෙමින් සිටිති. එහි අවසාන ඉලක්කය න්‍යෂ්ටික බලැති චීනය යි. ගාසා තීරයේ නෙතන්යාහු පාලනයේ ජන-ඝාතනයට ඉන්දියාව සහාය දක්වයි.
ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධයේ අන්තරාය ගෙන දෙන මෙම ගෝලීය භූ දේශපාලන සුලි කුනාටුවට ශ්‍රී ලංකාව සෘජුවම පැටලී ඇත.