ලෝකයේ රටවල් ගනනාවක සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන කොවිඩ්-19 වෛරසයේ, නවතම උප-ප්‍රභේදය වන භයානක ඔමික්‍රෝන් බීඒ.5 ආසාදිත වූ රෝගීන් ගනනාවක් පසුගිය සති අන්තයේ දී ලංකාවෙන් සොයා ගැනීම, මහජනයා ඉදිරිපිට දිගැහැරෙමින් පවතින බියකරු තත්වය පෙන්නුම් කරයි.
ලංකාව ද ඇතුලුව ලොව පුරා ධනේශ්වර පාලක පන්තීන් වසංගතයට නිදැල්ලේ පැතිරීමට ඉඩහරිමින් අනුගමනය කල, මිනීමරු පිලිවෙත හේතුවෙන් දැනටමත් ලෝක ජනගහනයෙන් මිලියන 20ක් පමන මරනයට ගොදුරු වී ඇති අතර තවත් මිලියන සිය ගනනක් වසංගතයට සම්බන්ධ දිගුකාලීන කෝවිඩ් තත්වයට ගොදුරු ව පීඩා විඳිති. මේ තත්වය ඉදිරියේ දී තවත් උත්සන්න වනු ඇති බවට ලෝක වසංගත විශේෂඥයෝ අනතුරු අඟවති.
අගෝස්තු 1දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ, බීඒ.5 ප්‍රභේදය දැනටමත් කොලඹ ආශ්‍රිත ප්‍රදේශවලින් සුලබව හමු වී ඇති බවයි. බීඒ5, රටේ දරුනු තත්වයක් ඇති කරනු ඇතැයි ද ඔහු තවදුරටත් අනතුරු ඇඟවූයේ ය.
“බීඒ 5 ප්‍රභේදය, කොවිඩ්-19 වයිරසය ආරම්භයේ පටන් වැඩිම ව්‍යාප්ති වේගයක් හා ප්‍රතිශක්තිය පරයා යන මාරාන්තික ප්‍රභේදයක්“ බවට ජීවන්දර ඇතුලු වෛද්‍ය විශේෂඥයන් පසුගිය මාස කිහිපයේ සිදු කල අනතුරු ඇඟවීම්, ආන්ඩුව විසින් මුලුමනින්ම නොතකා හැරිනි.
රෝහල් තුල පමනක් සිදු කරන සීමිත දෛනික පරීක්ෂනවලින් පවා රෝගීන්ගේ සහ මරනවල ඉහල යෑම පෙන්නුම් කරයි. මේ මාසයේ ආරම්භක දින දෙක තුල පිලිවෙලින් මරන 7ක් සහ 8ක් වාර්තා විය. උක්ත මියගිය පුද්ගලයන් හය දෙනෙක්ම අවුරුදු 60ට අඩු වයසේ පසු වුවන් ය යන කාරනය පෙන්නුම් කරන්නේ, වෛරස් ප්‍රභේදය ඕනෑ ම වයස් කාන්ඩයකට බියකරු ප්‍රතිවිපාක ජනනය කරන බවයි.
මාසයේ පලමු දින තුනෙහි ම ආසාදිත රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවා ගිය අතර බ්‍රහස්පතින්දා, එම අගය 146 ක් විය.
මෙම සංඛ්‍යා පසුගිය මාසයට වඩා සීග්‍ර වැඩිවීමක් පෙන්නුම් කරයි. වසංගත රෝග ඒකකයට අනුව ජූලි මාසයේ වාර්තා වූයේ මරන 35 ක් හා ආසාදිතයන් 1,361 කි. මින් බහුතරයක් ආසාදන හා මරන සිදුව ඇත්තේ ද ජුලි මාසයේ අග භාගය තුලයි. වසංගතය සම්බන්ධ ව ආන්ඩුව ඉදිරිපත් කරන සැකකටයුතු නිල සංඛ්‍යාවට වඩා සැබෑ මරන හා ආසාදන සංඛ්‍යාව කීප ගුනයකින්ම වැඩි බව පැහැදිලි ය.
ආසාදිතයන්ගේ ඉහල යෑම හේතුවෙන් ගම්පහ රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය යලි ඇරැඹීමට බලධාරීන්ට සිදු ව තිබේ. කෙසේවෙතත්, එහි ඇත්තේ ඇඳන් 14 ක් පමනි. ආසාදනයට ලක් වූ ගර්භනී මව්වරු තිදෙනෙකු ඇතුලු සිවු දෙනෙකු දැනට එහි ප්‍රතිකාර ගනිමින් සිටින බව ලංකාදීප ඊයේ වාර්තා කලේ ය.
මරනවල හා ආසාදිතයන්ගේ මෙම සීඝ්‍ර වර්ධනය පිලිබඳ ව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද අනතුරු අඟවා තිබේ. ඉදිරි දෙ සතිය තුල විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි යයි ද ඉන් වැඩිහිටි ජනයා දැඩි ලෙස බලපෑමට ලක්විය හැකි බව ද එම සංගමයේ සභාපති උපුල් රෝහන අඟහරුවාදා ප්‍රකාශ කලේ ය.
පාසල්, කාර්යාල හා ජනයා ගැවසෙන ස්ථානවල විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් සමාජය තුල සැරිසරන නමුත් ඇන්ටිජන් කට්ටල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල සතුව නොමැති වීමෙන් රෝගීන් හඳුනා ගැනීම ගැටලුවක් වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. කෙසේවෙතත්, වසංගතය පාලනය කිරීම සඳහා අතශ්‍යවශ්‍ය වන පරීක්ෂන කට්ටල හෝ අනෙකුත් වෛද්‍ය උපකරන සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට, දැවැන්ත ආර්ථික අර්බුදයක කිඳී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෙලෙත්තාඩු ආන්ඩුව මුලුමනින්ම අසමත් ය.
ලංකාවේ පාලක පන්තියේ සියලූ ම කොටස් අනුයන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බයිඩ්න් පරිපාලනය, බ්‍රිතාන්‍යයේ ජොන්සන් තන්ත්‍රය, ඉන්දියාවේ මෝදි ආන්ඩුව ඇතුලු ලොවපුරා සහචර ධනපති ආන්ඩු ගෙන යන මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් අතලොස්සක් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ තැබීමේ එකම සාපරාධී පිලිවෙතයි.
ධනපතියන්ගේ කර්මාන්ත ශාලාවලට ක්‍රියාත්මක වීමට හැකිවන ආකාරයෙන්, වසංගතය මධ්‍යයේම සීමිත අගුලුදැමීම් පවා අත්හැර දැමූ ධනපති ආන්ඩු, සාපරාධී රංචු ප්‍රතිශක්තිකරනය ක්‍රියාවට දමමින් වසංගතයට මහජනයා බුරුතු පිටින් ආසාදිතයන් කරවීමට ඉඩහසර සැලසුවේ ය. ගෙවනු දෙවසර තුලත් දැන් වර්ධනය වන අන්තරාය තුලදීත් ධනපති ක්‍රමයට ඈදුනු වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ ලංකාව තුලදීත් ආන්ඩුවේ ආර්ථිකය විවෘත කිරීමේ පිලිවෙතට සහයෝගය දී තිබේ.
බදාදා රූපවාහිනිය තුල පෙනී සිටිමින් විශේෂ ප්‍රකාශයක් කල වික්‍රමසිංහ “කෝවිඩ් අවදානම යලි වැඩි වී ඇති හෙයින් හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න“ යි ලෙස මහජනතාවට කුහක කැඳවුමක් කලේ ය. සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාවය දැනුවත්ව මග හැරී වික්‍රමසිංහ ලොවපුරා රටවල් 80 ට වැඩි සංඛ්‍යාවක පැතිරී ඇති තවත් මාරාන්තික වසංගතයක් වන වඳුරු උන තත්වය ලංකාවට පැමිනිය හොත් ඊට ද ප්‍රතිකාර කිරීමට “පියවර ගන්නවා“ යැයි වාචාල කතාවක් ඇද බෑවේ ය. වික්‍රමසිංහ මෙහි දී උත්සුක වන්නේ මිනිස් ජීවිත රැකීම ගැන නොවේ, වසංගතය උත්සන්න වීම මගින් ධනපති ලාභවලට හානි සිදුවේ ද යන්න ගැන පමනි.
ආන්ඩුව සිටින්නේ මහජනයාගේ කුසගිනි නිවීමට අවශ්‍ය මූලික ආහාර පාන ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීමට පවා අසමර්ථ තත්වයකයි. දෙවසරකට වැඩි කාලයක් ඇදී යන ගෝලීය වසංගතයෙන් හා රුසියාවට එරෙහි ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලයන් ගෙන යන බිහිසුනු යුද්ධය හේතුවෙන් ලංකාවේ ආර්ථික අර්බූදය ගැඹුරු කර විදේශ නය ගෙවා ගත නො හැකි බංකොලොත් තත්වයක් උද්ගත කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ඉල්ලා සිටින නය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිලිවෙල එනම් ධනේෂ්වර අර්බූදයේ සියලු බර කම්කරු පන්තිය හා දිලිඳු ජනතාව මත පැටවීම ආන්ඩුවේ එකම වැඩපිලිවෙලයි. ඒ යටතේ සෞඛ්‍ය ඇතුලු සුභසාධන වියදම් කප්පාදුව, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය, රාජ්‍ය සේවය කප්පාදුව හා මහජනයා මත බදු බර පැටවීම ඇතුලු ජන ජීවිතය කාබසිනියා කරන ප්‍රහාර තවත් තීව්‍ර කිරීමට නියමිත ය.
බහුතරයක් කම්කරු පීඩිත මහජනයාට, අහස උසට නැග ඇති ජීවන වියදම හමුවේ තම දෛනික වියදම් සොයා ගැනීම සඳහා දරුනු රැකියා කොන්දේසි යටතේ, පැය ගනන් වැඩ කිරීමට බල කෙරී ඇත. දින ගනන් තෙල්, ගෑස් පෝලිම්වල රස්තියාදු වීම වැනි තත්වයන් යටතේ සෞඛ්‍ය පිලිවෙත් ගැන අවධානය යොමු කිරීමට පවා ඉස්පාසුවක් ඇත්තේ නැත.
පොදු ප්‍රවාහන සේවා අකර්මන්‍ය වීම හේතුවෙන් සීමිත බස් රථ හා දුම්රිය අධික තබදයෙන් යුක්ත වී ඇති අතර ඒවා වෛරස බෝ කරන මධ්‍යස්ථාන බවට පත්ව තිබේ.
වසංගතය මධ්‍යයේ පාසල් විවෘත ව තැබීම රෝගය ව්‍යාප්ත කරන ප්‍රධාන හේතු සාධකයකි. ඉන්ධන හිඟය හේතුවෙන් මේ දිනවල පාසල් සතියට දින තුනක් පැවැත්වුව ද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන දරුවන් අධ්‍යාපනය ලබන්නේ තදබදයෙන් යුත් පන්ති කාමරවල සහ සීමිත සනීපාරක්ෂක පහසුකම් යටතේ ය. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ මේ දක්වා පාසල් දරුවන් 90 ක් කෝවිඩ්-19 න් මරනයට ගොදුරු වී තිබේ.
එන්නත සම්බන්ධ ව ගතහොත් පසුගිය කාලපරිච්ඡේදය තුල බූස්ටර් එන්නත ලබා දීම සඳහා මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් නො කෙරුනු තරම් ය. දැනට ලංකාවේ පවතින මිලියන 08 ක එන්නත් මාත්‍රා තොගය ලබන ඔක්තෝබර් මස දක්වා වලංගු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද බව සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කලහ.
ජාත්‍යන්තර ව ගතහොත්, නව ප්‍රභේදයෙන් ඔස්ට්‍රේලියාවේ පසුගිය සිකුරාදා පුද්ගලයින් 157 ක් මරනයට පත් විය. එම අගය එරට දිනක් තුල සිදු වූ වැඩිම මරන සංඛ්‍යාවයි. බ්‍රිතාන්‍යයේ මේ වසරේ ජූනි 12 සිට දිනකට 100 බැගින් පුද්ගලයින් 4,700 ක් මේ දක්වා මරනයට පත් වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ, බ්‍රසීලයේ සහ යුරෝපයේ සෙසු රටවල තත්වය මීට දරුනු ය.
නව ප්‍රභේදයේ සීග්‍ර පැතිරීම මගින් ලංකාවේ ආන්ඩුව ඇතුලු ව ලෝකය පුරා ධනපති ආන්ඩු “වසංගතය අවසන්“ හා “එන්නත එක ම පිලියම“ යනුවෙන් සිදුකල ප්‍රලාප කීතු වී ඇත. එසේම, බහුතරයක් මහජනයාට රෝගය බෝවීම මගින් ඇති කරන “ප්‍රතිශක්තිය“ මගින් රෝගය ස්වභාවිකව ම පහව යනු ඇත යන පාලක පන්තීන් අනුගමනය කල “රංචු ප්‍රතිශක්තිකරන“ පිලිවෙත අවිද්‍යාත්මක හා සාපරාධි එකක් බව සනාථ වී ඇත. මෙම “වසංගතය සමග සදාකාලික ජීවත් වීමේ“ පිලිවෙත හේතු වී ඇත්තේ මරන හා අසාදිතයන් ඉහල දැමීමටත් වෛරසයේ නව ප්‍රභේද බිහි කිරීමටත් පමනි.
මෙම ප්‍රලාප මුල් කර ගෙන ලංකාව තුලත් පනවා තිබූ සියලු ම සංචරන සීමා ඉවත් කල අතර ජුනි 15 දා ඉවත් කල ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරන පැලදීම “අනිවාර්ය නැත” යන නිර්දේශය පවා තවම වෙනස් කර නැත. ධනපති මාධ්‍ය හා අනෙකුත් සියලුම ධනපති පක්ෂවල ආශිර්වාදය ඇතිව වසංගතය ගැන පුවත් පවා අත්හැර දැමුනි. ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කරන අතරේ ම, වසංගතය විද්‍යාත්මක මූලෝපායක් මගින් භූගෝලීය ව මුලිනුපුටා දැමීමෙන් තොරව ඉබේ ම සමාජයෙන් අහෝසි වී යනු ඇතැයි යන මිත්‍යාව වගාදිගා කිරීම මෙහි අරමුන විය.
වර්ධනය වන මෙම අවදානම් සහගත තත්වය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය වසංගතයේ ඉහල පැතිරීමකට මුලුමනින්ම නුසූදානම් ය. අප්‍රමානවත් සෞඛ්‍ය කාර්ය මන්ඩල සේවකයන් වෙත නිසි පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල ප්‍රමානවත් ලෙස ඇත්තේ නැත. සෞඛ්‍ය කාර්ය මන්ඩල රෝගයට ගොදුරු වීම සෞඛ්‍යය පද්ධතිය ම බිඳ වැටීමේ තර්ජනය මතු කරයි. රෝගීන්ගේ ඉහල යෑමක් මගින් දැඩි සත්කාර ලබා දිය යුතු රෝගීන් ද ඉහල දමනු ඇත. ඒ තත්වය තුල ලංකාවේ සමස්ත රෝහල් පද්ධතිය තුලම ඇති 1,000 ක් පමන වන දැඩි සත්කාර ඇඳන් හා ඔක්සිජන්වල දරුනු හිඟයක් යලි මතු වීමේ අවදානම පවතී.
වසංගතයේ ආරම්භයේ දී අවම පහසුකම් යටතේ වුවත් පවත්වා ගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන දැන් ක්‍රියාත්මක වන්නේ නැත. බහුතරයක් රෝගීන් නිවෙස් නිරෝධායනයට යොමු කිරීම තුලින් හා නිරෝධායන කාලය කප්පාදු කිරීම වැනි සාපරාධී පිලිවෙත් හේතුවෙන් රෝගයේ පැතිරීම මෙන්ම මරන සංඛ්‍යාව ඉහල දැමීමට හේතු වී ඇත.
රට තුල වර්ධනය වන මෙම බියකරු තත්වය නතර කිරීම සඳහා අත්‍යාවශ්‍ය නො වන නිෂ්පාදන, පාසල් වසා දැමීම, රෝගීන් හඳුනා ගැනීම සඳහා දෛනික පරීක්ෂන දහස් ගනනින් ඉහල දැමීම, ආශ්‍රිතයන් හඹා යෑම සහ නිරෝධායනයට යොමු කිරීම, සංචරන සීමා හා අගුලු දැමීම් සමග අවශ්‍ය සියලු ම අය එන්නත්කරනට ලක් කිරීම වැනි මූලික සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් හදිසි අවශ්‍යතාවයක් ලෙස ක්‍රියාවට යෙදවිය යුතු ය.
ජීවිත බේරා ගැනීම සඳහා යොදන එවැනි ක්‍රියාමාර්ගවලින් ජන ජීවිතයට වන බලපෑම අවම කිරීමට, ඔන්ලයින් අධ්‍යාපනය කෙටි කලකට ලබා දීම වැනි කටයුතු සඳහා බිලියන ගනන් මුදල් යෙදවිය යුතු ය.
නමුත් එවැනි කිසිදු වැඩපිලිවෙලක් හෝ මහජනයාගේ ජීවත බේරා ගැනීමේ අවශ්‍යතාවයක් පැවති රාජපක්ෂ ආන්ඩුවට සේ ම දැන් බලයේ සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවට ඇත්තේ නැත.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔස්සේ, සමාජවාදී සමානතා පක්ෂය ම පමනක් පුනපුනා අවධාරනය කල පරිදි, වසංගතයේ යලි ඉස්මතු වීම පෙන්නුම් කරන්නේ කම්කරු පීඩිත මහජනයා මුහුන දෙන එකඳු ප්‍රශ්නයකට හෝ ධනපති ලාභ පද්ධතිය තුල විසඳුම් නො මැති බවයි.
අත්‍යාවශ්‍ය භාන්ඩ හා ඖෂධ හිඟය, යහපත් රැකියා කොන්දේසි, වසංගතවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ඇතුලු මානව සමාජ-සංස්කෘතික ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යෑමට නම් කම්කරු පන්තිය නිෂ්පාදනය හා බෙදා හැරීම තම පාලනයට ගැනීම ඉලක්ක කර ගත් ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකින් සන්නද්ධ විය යුතු ය.
ඒ සඳහා පලමු පියවර වන්නේ ධනපති ක්‍රමයට බැඳී ගත් වෘත්තීය සමිතිවලින් හා ව්‍යාජ-වාම පක්ෂවලින් ස්වාධීන ව සෑම වැඩබිමක ම, සේවා ස්ථානයක ම හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමයි.
